Wednesday, June 21, 2017

SAITM විසදුම හා GMOA යථාර්තය

රජයකට රටේ සියලුම පුරවැසියන්ගේ තෘතියියක අධ්‍යාපන අවශ්‍යතා මහජන මුදලින් නොමිලේ ලබාදිම ප්‍රයෝගික නොවේ, එසේම එසේ කිරිම අවශ්‍ය වන්නේද නැත. අවශ්‍ය වන්නේ ආර්ථික අපහසුතා ඇති අයට පමණක් මහජන මුදල්වලින් තෘතියියක අධ්‍යාපනය නොමිලේ ලබාදිමයි.
වර්ථමානයේ ඇත්තේ ඉහත අවශ්‍යතාවය පරිපුර්ණවම ඉටුනොවුනද, අර්ධ වශයෙන් ඉටුවන ක්‍රමයකි. එනම් උසස් පෙළ ප්‍රථිපල මත, ඉහල දක්ශතාවය දක්වන පිරිස රජයේ විශ්වවිද්‍යාල  වෙත ඇතුලත් කර ගෙන තෘතියියක අධ්‍යාපනය ලබා දිමයි.
එවන් පසුබිමක් තුල, එසේ නොමිලේ තෘතියියක  අධ්‍යාපනය හැදැරිමට රජයේ විශ්වවිද්‍යාල  වෙත ප්‍රවේශය නොලබන බහුතරයකගේ(ප්‍රතිශතයක් ලෙස උසස් පෙළට පෙනි සිටින පිරිසගෙන 80%) ඉරණම කුමක්ද?
අනිවාර්යෙන්ම ඒ පිරිස ගෙන් අවශ්‍ය අයට තෘතියියක අධ්‍යාපන ලබාදිම සදහා පෞද්ගලික අංශයේ  දායකත්වය ලබාගත යුතුය. වර්ථමානයේ වෙලදපොල ඉල්ලිමක් ඇති බෝහෝමයක් උපාධි පාඨමාලා වලට පෞද්ගලික අංශයේ උපාධි පාඨමාලා ක්‍රියාත්මක වේ.
එහෙත් වෛද්‍ය උපාධිය සදහා මිට වසර කිහිපයකට පමණ පෙර මාලබේ වෙද්‍ය විද්‍යාලය(South Asian Institute of Technology and Medicine - SAITM) ආරම්භ කරන තෙක්,  එසේ පෞද්ගලික වෛද්‍ය උපාධි පාඨමාලා තිබුනේ නැත.           ආරම්භවි සැහෙන කාලයක් ගතවුවද ඒ සදහා එතරම් ප්‍රභල විරෝධයක් වෛද්‍ය වෘත්තිකයන් තුලින් මැතක් වනතුරුත් මතුවුයේ නැත. එහෙත් 2015 ආණ්ඩු පෙරලියෙන් පසුව ඒ සදහා ප්‍රභල විරෝධතාවයක් රජයේ වෙද්‍යවරුන්ගේ පාර්ශවයෙන් එල්ල වන්නට පටන් ගත්තේය. අද වෙන විට එය එහි උච්චතම අවස්ථාව කරා ලගාවි ඇත.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් අපේ රටට අවශ්‍යද?

වෛද්‍ය අධ්‍යාපනයට සුදුසු කම් නොලබන එහෙත් වෙද්‍යවරයෙකු විමට කැමති හැකියාවක්  ඇති අය, රුසියාව, බංගලාදේශය, ඉන්දියාව වගේ රටවලට ගිහින් එහි වෛද්‍ය උපාධිය හදාරලා අපේ රටට  ඇවිත් ඉට අදාල ACT 16 විභාගය සමත්වෙලා වෛද්‍යවරුන් ලෙස මෙරට සේවයේ යෙදෙනවා. එසේ විදේශ ගතවන සිසුන්ගේ වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් අති  විශාල ධනස්කන්දයක් මේ රටෙන් වාර්ශිකව පිටවෙනවා. මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කලොත් අපිට ඒ මුදල් මෙරටම රදවා ගන්න පුලුවන් වෙනවා. එය රටේ ආර්ඨිකය ශක්තිත් වෙන්න හේතුවක් වෙනවා නොඅනුමානයි.
ඒ විතරක් නෙමේ, අපිට පුලුවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාවට විදේශ විනිමය ගෙන එන මාර්ගයක් බවට පත් කරගන්න.දැනටමත් මාලදිවයින වගේ රටවල ලමයි අධ්‍යාපනය සදහා අපේ රටට එනවා, ඒවා තවත් පුලුල් වෙලා, මෙරටට එන විදෙස් ආදායම වැඩි වෙනකොට රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා.ඒ විතරක් නෙමේ, දැනට බංගලාදේශය වගේ රටක ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යන්ට ඒ රටවලදි ලබන පුහුණුවට වඩා හොද පුහුණුවක් මෙරටදි අපේ ඉන්න  දක්ශ වෛද්‍යවරුන්ගෙන් ලබාගන්න පුලුවන් වෙනවා.               
මෙරට රජයේ විශ්වවිද්‍යාල සදහා ජාත්‍යන්තර පාසැල්වල සිසුන් ඇතුලත් කරගන්නේ නැත, විදෙස් රටවල අධ්‍යාපනය ලබන ශ්‍රි ලාංකිය සිසුන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් පමණයි ඇතුලත් කරගන්නේ. එම සිසුන්ටත් මෙරටදි වෛද්‍ය අධ්‍යාපනය ලැබිමට නම්, මෙරට අනිවාර්‍යෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුය, නැතහොත් ඔවුන්ට වන්නේ අසාධාරණයක්.
අනෙක් අතින් අපේ රටේ වෛද්‍ය /රෝගින් අනුපාතය අනෙක් සමහර රටවල් හා සංසන්ධනය කරද්දි පහල අගයක තියෙන්නේ, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් එය වෛද්‍යවරුන් නිසා එම අනුපාතය වැඩිවි, එය සෞඛ්ය ක්ශේත්‍රයේ ගුණාත්මක භාවය වැඩි වෙන්න හේතුවක් වෙවි.
තව අතකින් දෙමවුපියන්ගෙන් වෙන්වෙලා දුරු රටක ඉගෙන ගන්නවාට වඩා සැහැල්ලුවෙන් ඉගෙන ගන්න  පුලුවන් තමන්ගේම රටේදි.
ඒ කාරණ බැලුවාම පැහැදිලිවෙන්නේ, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් මෙරටට අත්‍යාවශ්‍ය බවයි.

Image result for SAITM

ඇයි එච්චර රටට අත්‍යාවශ්‍ය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක් විරුද්ද වෙන හේතුව ලෙස වෙද්‍යවරු දක්වන්නේ.

ප්‍රධානතම තර්කය නම් මෙම මාලබේ වෙද්‍ය විද්‍යාලයහි(SAITM), පාඨමාලාව නිසි ප්‍රමිතියකින් යුතු පාඨමාලාවක් නොවන බවයි.
එම වෛද්‍ය විද්‍යාලය පරික්ශා කල ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ(SLMC) කමිටුවක් විසින් එම වෛද්‍ය විද්‍යාලයේ හදුනාගත් අඩුපාඩු ඇතුලත් වාර්ථාවක් වෛද්‍ය සභාව වෙත ලබාදි තිබුණා, ඒ අනුව වෛද්‍ය සභාව එම ආයතනය සදහා සිය අනුමැතිල ලබාදිම ප්‍රතික්ශේප  කලා.එමෙන්ම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින්ද ඒ ගැන වාර්ථාවක් රජයට ලබාදි එහි අඩුපාඩු පෙන්වාදි තිබුණා.
දැනට වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ඇති බලයලත් ආයතනය වන SLMC දුන් වාර්ථාවට අනුව නිගමනය කල හැක්කේ, රජයේ වෛද්‍යවරුන්ගේ තර්කය, එනම්  SAITM හි, වෛද්‍ය උපාධි පාඨමාලාව නිසි ප්‍රමිතියකින් යුතු පාඨමාලාවක් නොවන බව  සත්‍යක් බවයි.

Image result for SAITM

ප්‍රමිතියක් නැති බව කියද්දි ඇයි SAITM තමන්ගේ ඒ අඩුපාඩු හදාගත්තේ නැත්තේ

ලංකාවේ වෛද්‍ය වරයෙකු ලෙස සේවය කරන්න නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනිවාර්‍යයි. ඒ සදහා වෛද්‍ය සභාව පෙන්වාදුන් අඩුපාඩු නිවැරදි කර SLMC අනුමැතිය ලබා ගත යුතුයි නමුත් ඒ වෙනුවට SAITM තොරාගත්තේ වෙනත් මාර්ගයක්.
SAITM හි දේශපාලන හා මුදල් නිසා, SLMC පිලිගත් වෛද්‍ය විද්‍යාලයක් ලෙස ප්‍රතිස්ඨාපනය විමට  අනීවාර්ය දෙයක් වන වෛද්‍ය සභාවේ අනුකුලතා සහතිකය නොමැතිව, වෛද්‍ය උපාධි ප්‍රධානය කිරිමේ ආයතනයක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් පිලිගනු ලැබුවා. ඉට  පස්සේ අධිකරණය හරහා SLMC ලියාපදිංචිය ලබා ගන්න තමයි උත්සාහය.
මෙහිදි සදහන් කල යුතු තවත් කාරණයක් නම් එම අඩුපාඩු වලින් ප්‍රධානතම අඩුපාඩුව වන, වෛද්‍ය ශිෂ්‍යන්ගේ පුහුණුවට ප්‍රමාණවත් තරම්  රෝගින් සිටින් රෝහලක් නොමැති විම යන දේ , ඉතා පහසුවෙ මගහරවා ගත හැකිව තිබුනා SAITM සිසුන්ව රජයේ රෝහල් වල පුහුණුවට යෙදවුවානම්(සාධාරණ අයකිරිමකට යටත්ව). එහෙත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ (GMOA) අසාධාරණ විරෝධය ඊට හරස් වුනා. අවසානයේ එම පහසුකම ලබාගන්න පුලුවන් උනෙත් අධිකරණයේ පිහිටෙන්.

මේකට GMOA පාර්ශවයෙන් දෙන විසදුම මොකක්ද?

ඔවුන් යොජනා කරන විසදුම වෙන්නේ මෙය ජනසතු කිරිමයි, එනම් SAITM අහෝසි කර එය රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පිඨයක් ලෙස පවත්වාගෙන යාමයි. එම යෝජනාවේ හොද පැත්තනම්, ඒ තුලින් නිදහස් අධ්‍යාපනය තවත් පුලුල් විමයි.නරක පැත්ත නම්, ඉහත 'පෞද්ගලික වෙද්‍ය අධ්‍යාපනයක් අපේ රටට අවශ්‍යද?' යටතේ පෙන්වා දුන් වාසි නැතිවිමයි.

මේකට රජයේ පාර්ශවයෙන් දෙන විසදුම මොකක්ද?

රජයේ පාර්ශවය බොහෝ විට සයිටම් හිතවාදි ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවආණ්ඩුවේ දේශපාලඥයින්ගේ ප්‍රකාශ වලින් පැහැදිලිවේ. මැතකදි SAITM සමග සෘජු සම්බන්දතා ඇති පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ගෙන්ද සමන්විත පාර්ලිමෙන්තු තේරිම් කාරක සභාවක් පත් කරලා SAITM ට සුදුහුණු ගැවා.
කෙසේ නමුත් අවසානයේ රජයෙන් ලබාදුන්නේ මෙන්න මේ විසදුම්
·         SAITM ට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස පවත්වාගෙන යාම (SAITM ආයතනයේ වෛද්‍ය ශිෂ්‍යන්ගේ පුහුණුවට ප්‍රමාණවත් තරම්  රෝගින් සිටින් රෝහලක් නොමැති යන අඩුපාඩුව මගහරවා ගැනිම මෙහි අරමුණයි)
·         SAITM සිසුන්ට අමතර මාස 3ක පුහුණුවක්  ලබාදිම හා ඉන් පසුව ඔවුන් වෛද්‍ය සභාව හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධික්ශණය යටතේ පවත්වන අනිවාර්‍යය විභාගයකට පෙනි සිටිම.

දැන් මේකට විසදුම මොකක්ද?

SAITM ආයතනයෙන් දැන් බිහිවි ඇති උපාධිධාරින් මෙරට වෛද්‍යවරයෙක් ලෙස සේවයේ යෙදිමට අවශ්‍ය ප්‍රමිතියට නැහැ, ඒනිසා SLMC ඔවුන්ට ලියාපදිංචිය ලබාදිම ප්‍රතික්ශේප කලා. රජයේ විසදුම් මගින් ප්‍රකාශ වන තවත් කාරණයක් නම් SAITM උපාධිධාරින් මෙරට වෛද්‍යවරයෙක් ලෙස සේවයේ යෙදිමට අවශ්‍ය ප්‍රමිතියට නැතැයි යන්න රජයේද දැන් පිලිගෙන ඇති බවයි.
පසුව අභියාචනාධිකරණය විසින් තින්දුවක් ලබාදුන්නේ, SAITM උපාධිදාරින්ට ලියාපදිංචිය  ලබාදෙන ලෙසයි.එය වෛද්‍යසභාවට පමණක් නොව මෙරට අනෙකුත් වෘත්තිය ආයතන වෙතත් එල්ල කල බරපතල පහරක් ලෙස සැලකිය යුතුවේ. ඒ  මන්ද යත්, යම් වෘත්තියයෙකු මෙරට සේවය කිරිමට යෝග‍යද නැද්ද යන්න තිරණය කල් යුත්තේ ඒ වෘත්තිකයා නිපුනතාවය දක්වන විෂයේම ප්‍රවිණයන් නියෝජනය කරන වෘත්තිය ආයතන විසින් මිසක්, එම විද්‍යාව පිලිබද කිසි දැනුමක් නැති පිරිසක් විසින් නොවේ. අධිකරණය සිය තිරණය ලබාදිය යුත්තේ වෛද්‍යසභාවේ උපදෙස් පරිදි මිස සිය තනි අභිමතය පරිදි නොවේ.
·         ගැටලුව ප්‍රමිතිය නැතිවිම නම් විසදුම විය යුත්තේ එය ප්‍රමිතිගත කිරිමයි. වෛද්‍යසභාව හදුනාගත් SAITM හි අඩුපාඩු නිවරදි කරගැනිමට ඔවුන්ට නිශ්චිත කාල සිමාවක් ලබාදිය යුතු අතර එම අඩුපාඩු නිවරදි කරගන්නා තෙක් සිසුන් බදවා ගැනිම නතර කල  යුතුය.

·         දැනට උපාධිධාරින් ලෙස පිටවි ඇති අයට ඇති අඩුපාඩු හදුනාගෙන ඒවා සම්පුර්ණ කරගැනිමට අවශ්‍ය මග පෙන්විම ලබාදිය යුතුය. දැනට ලබා ඇති පුහුණුවප්‍ර මාණවත් නොවන්නේ නම් ඔවුන්ව වැඩි දුර පුහුණුව සදහා යොමුකල යුතුය.ඔවුන්ට ACT 16 හෝ ඒ හා සමාන විභාගයට පෙනි සිටිමට අවස්තාව ලබාදිය යුතුය. ඒතුලින් ඔවුන් දැනට විදේශ රටවල ඉගෙනුම ලබා මෙරටට එන වෛද්‍යවරුන් හා සමාන ප්‍රමිතියකින් සිටිනා බව තහවුරුකර ගත හැකිවේ.
ඒ අනුව රජය මේ සදහා ලබාදි ඇති විසදුම් යම් තරමකට සාධනිය බව පැහැදිලිය.
එහෙත්, රජය මාස තුනක අමතර පුහුණුවක් නිර්දේශ කලේ කුමන පදනමකින්ද යන්න ප්‍රශ්නයකි. එම උපාධිධාරින් ලැබු පුහුණුව හා ලැබිය යුතුව තිබු පුහුණුව සලකා බලා එය තිරණය කල යුත්තේ SLMCයි. වරෙක වෛද්‍යවරයෙකු විමට සුදුසුකම නිති ක්ශේත්‍රයේ ප්‍රවිණයන් තිරණය කරයි, දැන් දේශපාලඥයන් තිරණය කරයි.
රජය සිය විසදුම් වෛද්‍යසභාවටද දැනුම්දි ඇති බවත් ඒවා දැන් වෛද්‍යසභාව සලකා බලාගෙන යන බවත් මැතකදි එහි SLMC සභාපතිතුමා ප්‍රකාශ කල සිටියා. වෛද්‍යසභාව ඒ රජයේ යෝජනා සලකා බලා සාධාරණ තිරණක් දෙනු ඇතැයි අපි අපේක්ශා කරමු.

විසදුමක් දිලා තියෙද්දි ඇයි මේ GMOA දිගටම කැගහන්නේ?

SAITM එකට විරුද්ධ වුන හේතුව, එයින් බිහිවන වෛද්‍යවරුන් මෙරටට ඔබින ප්‍රමිතියෙන් යුතු නොවිමයි. දැන් රජය දුන් විසදුම් මගින් පුලුවන් වෙනවා  ප්‍රමිතියෙන් යුතු වෙද්‍යවරුන් පමණක් බිහිකරන්න. එහෙනම් ඇයි GMOA දිගටම කැගහන්නේ එය රජයටම පවරගන්න කියලා?
ඒ ඔවුන්ගේ අරමුණ, ඔවුන්ට තියෙන සෞඛ්‍ය ක්ශේත්‍රයේ අධිකාරිය රැක ගැනිම. ඔවුන් කිව්වේ රජයේ විශ්ව විද්‍යාලවලින් පිටවන වෛද්‍යවරුන්. SAITM එකෙන් වෛද්‍යවරුන් පිටවුනාම ඔවුනුත් රජයේ සේවයට එකතු වෙනවා, එතකොට රජයේ විශ්ව විද්‍යාලවලින් පිටවන වෛද්‍යවරුන්ගේ අධිකාරිය බලපැමක් වෙනවා.

GMOA තියෙන්නේ නිදහස් අධ්‍යාපනයට  හිතකර ප්‍රතිපත්තියක්ද?

GMOA කියන්නේ වෘත්තිය ආයතනයක්,ඉතින් ඔවුන්ගේ මුලිකම අරමුණ තමයි තමන්ගේ වෘත්තිය වෙනුවෙන් ක්‍රියාකිරිම,එහි වැරැද්දක් කියන්න බැ, නමුත් එම ක්‍රියාමාර්ග තුලින් වෙනත් වෘත්තින්ට අසාධාරණයක් වෙනවා නම් එය අනුමත කල නොහැකියි.
ජනසතුකිරිම මගින් නිදහස් අධ්‍යාපනය තවත් පුලුල් වෙනවා.ඒ වගේම නිදහස් අධ්‍යාපනය පුලුල් කරන්න තව ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා, උදාහරණයක් හැටියට ශික්ෂණ රෝහලක් නැතැයි කියලා සබරගමුවට වෛද්‍යපිඨයක් ලබාදෙන එක රජය මගහරිනවා, GMOA ට පුලුවන් අන්න ඒ වගේ දෙයක් වෙනුවෙන් සටන් කරන්න. එතකොට නිදහස් අධ්‍යාපනය තවත් පුලුල් වෙනවා වගේම, SAITM අහෝසි කිරිමෙන් වෙන අවාසි වලක්වාගන්න පුලුවන් වෙනවා.

ඔවුන්ගේ අතිත ක්‍රියාකාරකම් දෙස බැලිමේදි විද්‍යාමාන වන දෙයක්  නම්, ඔවුන්ගේ සමහර ක්‍රියාමාර්ගයන් නිදහස් අධ්‍යාපනය රැක ගැනිමට නොවන බවයි.අපේ රටේ සමහර උගත් වෘත්තිකයන් වෘත්තියවිභේදනය(professional defragmentation) කියන ක්‍රියාවලිය පිලිගන්න කැමති නැ. එසේ බිහිවන නව වෘත්තින්  ඔවුන් දකින්නේ ඔවුන්ට තරජනයක් ලෙසින්.ඉතින් දැනට සිටින ප්‍රභල වෘත්තිකයන් හැම විටම උත්සහ කරන්නේ අර නව  වෘත්තිකයන්ට වල කපන්න.

අපේ රටට අවුරුදු 4ක පාඨමාලා කාලයක් සහිතව සම සෞඛය උපාධි පාඨමාලාවක් හදුන්වා දුන්නාම GMOA කලේ එහි පාඨමාලා කාලය අවුරුදු 3ට අඩු කරන්න කියල වැඩවර්ජන කරපු එක.නිදහස් අධ්‍යාපනයේම ඵල වන එම සම සෞඛය සිසුන්ට රෝහල්වල පුහුණුව ලබාදෙන එක ඔය නිදහස් අධ්‍යාපනය රැකගන්න වැඩ කරනවා කියන GMOA අය ප්‍රතික්ශේප  කලා.

Image result for nursing degree+strike+GMOA

එමෙන්ම හෙද උපාධි පාඨමාලාවේ කාලය අවුරුදු 4ක් කිරිමටත් GMOA විරුද්ධ වුනා,ඔවුන් සදහන් කරන්නේ පරිඝණක වැනි අදාල නැති විෂයයන් ඇතුලත් කර පාඨමාලා කාලය අනවශ්‍ය ලෙස දික් කර ඇති බවයි. පරිඝණක සමග ඉදිරියට යන ලෝකයේ පරිඝණක ගැන දැනුම හෙදියන්ට  අනවශ්‍ය යැයි උගත් වෘත්තිකයන් කිම කණගාටුවට කාරණයක්. එමෙන්ම සමහර අවස්ථාවල නිදහස් අධ්‍යාපනයෙන්ම බිහිවු හෙදියන්ට, වැඩිදුර පුහුණුව ලබා දෙනවාටද මේ පිරිස විරුද්ද වුවා.

Image result for nursing degree srilanka+strike

 “ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, වෛද්‍ය වෘත්තීය කටයුතු හැරුණු විට සෞඛ්‍ය අංශයට අදාළ අංශ 13 ක් හඳුනාගෙන ඇත. මේ වෘත්තීය අංශ 13 හිම අධ්‍යයන සහ සිය උපරිම ඵලදායිතාවට ළඟාවීම යන අංශ දෙකෙහිම ප්‍රගමනය ධූරාවලී කළමනාකරණය මඟින් වළක්වා ඇත‍. මේ වෘත්තීය අංශ 13 ටම සිය අධ්‍යාපන හා වෘත්තීය ක්ෂේත්‍ර තුළ ස්වාධීන නැඟී සිටීම වළක්වා ඇති අතර, ඒ මඟින් ඔවුන්ගේ අභිවෘද්ධිය පසුබෑමකට ලක් කර ඇත්තේ වෛද්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් තුළින් ය. මෙය යුක්තිය හෑල්ලුවට ලක් කිරීමක් මෙන් ම වෘත්තීය සාරධර්ම කඩ කිරීමක් ද වන්නේ ය.”
(සයිටම් ඉදිරියට දමා මේ පෙන්වන්නේ තමන්ගේම භයංකර අතීතය ද?, කේ. අමරනාත් පී. රාජකරුණා,
 2017 අපේල් 22 දින සිළුමිණ පුවත්පත)

Image result for nursing+GMOA

ඉහත කාරණා සලකා බැලු කල පැහැදිලිවන දෙය නම් GMOAහි ක්‍රියාකාරිත්වය හුදෙක් සිය වෘත්තියේ ආරක්ශාව උදෙසා පමණක් වන බවත් ඒ සදහා අනෙකුත් වෘත්තින් මෙන්ම නිදහස් අධ්‍යාපනයද කප්පාදු කිරිමට ඔවුන් පසුබට නොවන බවත්ය.

වෛද්‍යසභාව රජය විසින් කල  විසදුම් සලකා  බලා මෙම ජාතික ගැටලුව රටට සෙතක් වන  ලෙස විසදිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින්ගනු ඇතැයි අපි අපේක්ශා කරමු. ඉට පෙර ශේෂ්ඨාධිකරණයෙන්, අභියාචනාධිකරණයේ තිරණය තවුරු කලහොත් වන්නේ නුසුදුසු පිරිසක්සෞඛය ක්ශේත්‍රයට එකතුවිමයි.

No comments:

Post a Comment

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.