Friday, June 16, 2017

ජාති/වර්ග/ජාතික වාද හා බෞද්ධ ත්‍රස්ථවාදය

බෞද්ධ ත්‍රස්තවාදය, අහලා තියෙනවාද එහෙම වචනයක්? මගේ ජිවිතයේ ප්‍රථම වතාවට එහෙම වචනයක් ඇහුවේ මිට දින කිහිපයකට කලින්. එක ගැන වැඩි විස්තර කතාකරන්න කලින් එයට අදාල වචන කිහිපයක් තෙරුම් ගමු.

ත්‍රස්තවාදය(terrorism) යනු කුමක්ද?

ඒ සදහා විවිධ අර්ථකතන ඇති අතර, ඒවායින් එකක් නම්,
භය ඇති කිරීම තුළින් දේශපාලනික හෝ මතවාදීය අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා මහජනයාට ‍එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වය1
කෙම්බ්‍රිජ් ශබ්ද කෝෂය terrorism අර්ථ දක්වා ඇත්තේ මෙසේය,
“ (threats of) violent action for political purposes 2

එක්සත් ජනපදයේ නීතිය බලාත්මක කිරීමේ සහයෝගීතා අධිකාරියේ අපරාධ නීති තත්වයන් හා අරමුණු සම්බන්ධ ජාතික උපදේශන කමිටුව, ආකාර හයකට ත්‍රස්තවාදය  වර්ග කර ඇති අතර ඒවයින් දෙකක් පහත පරිදි වේ.

·         ජාතිවාදී(racial) - බෙදුම්වාදී(separatist)
·     ආගමික මූලධර්මවාදී(religious fundamentalism)

දෙපාර්ශවයම යුද වැදුනත්, L.T.T.E සංවිධානය ත්‍රස්තවාදි  සංවිධානයක් ලෙසත්, අපේ ආරක්ශක හමුදා විරෝධාර රණවිරුවන් ලෙසත් අපි හදුන්වන්න හේතුවත් ඉහත අර්ථදැක්විමෙන් පැහැදිලි වෙනවා නේද?

එතකොට වර්ගවාදය(racism)කියන්නේ මොකක්ද?

එක්තරා සීමිත මිනිස් කොටසක් කේන්ද්‍ර කරගෙන, අනෙක් කොටස් නොසලකා හැර, හුදෙක් තමන් අයත් කොටසේ උන්නතිය ම පමණක් බලාපොරොත්තු වෙමින් ක්‍රියාත්මක වීම සහ ඒ ක්‍රියාත්මක වීමේදී අනෙකුන්ට සිදුවන අසාධාරණයන් නොතකා හැරීම අපි වර්ගවාදය ලෙස හදුනාගමු. 

කෙම්බ්‍රිජ් ශබ්ද කෝෂය අර්ථ දක්වා ඇත්තේ මෙසේය
“The belief that people's qualities are influenced by their race and that the members of their races are not as good as the members of your own or the resulting unfair treatment of members of other races3

ජාතිවාදය (racial ) කියනේ නම් අපිට හොදට හුරුපුරුදු වචනයක්.

ජාතිවාදය යනු කිසියම් එක්‌ ජාතියක්‌ අනෙක්‌ ජාතීන්ට වඩා උසස්‌ය. බලවත්ය යනාදී වශයෙන් පිළිගන්නා සහ එම මතය ප්‍රචලිත කරමින් සිදු කරන්නාවූ කිසියම් ක්‍රියාදාමයන්ය.  
ඒ අනුව වර්ගවාදය හා ජාතිවාදය යන වදන් දෙකහිම ලොකු වෙනසක් නැති බවත්, ඒවායේ භාවිතය එකම කණ්ඩායමක් උදෙසා බව පැහැදිලිය.

මිලගට බලමු ජාතිවාදය යන වචනය අසන්නයෙන්ම යන නමුත් අර්ථයෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වචන්යක්, ජාතිකවාදය(nationalism )

ජාතිකවාදය යනු තමන් අයත් කුඩා කුල ඉක්මවා තමන්ගේ මවුබිමට දක්වන ලැදියාවයි.
කෙම්බ්‍රිජ් ශබ්ද කෝෂය අර්ථ දක්වා ඇත්තේ මෙසේය,  
“A great or too great love of your own country 5

දැන් අපි බලමු මේ ප්‍රපංච, අපේ රටේ යෙදවෙන ආකාරය.

අපි ජාතිවාදිද? 
සමහරුනම් අපි ජාතිවාදියෝ කියන්නේ හරිම ආඩම්බරෙන්.ඇත්තටම අපේ ජාතිය/ආගම අනෙක් ජාතින්ට / ආගම්වලට වඩා උසස් කියලා අනෙක් ජාතිය/ආගම පහත් කරමින්, ඒක ප්‍රචලිත කරන එකේ ආඩම්බර වෙන්න දෙයක් තියෙනවාද? ප්‍රයෝජනය කුමක්ද?,
සිංහල ජාතිය දෙමල ජාතියට වඩා හෝ දෙමල ජාතිය සිංහල ජාතියට වඩා උසස් කියල ප්‍රචලිත කරන එකෙන් වෙන්නේ, අර අපි පහලට දාන ජාතියේ අයට හිත් රිදවිමක් ඇතිවෙලා, ඒ තුලින් ජාතින් අතර අසමගියක් ඇතිවෙන්න මංපෙත් විවරවෙන එක  විතරයි.
හුදෙක්ම තමන් අනෙකාට වඩා උසස්ය කියලා පෙන්නන්න මිනිස්සු පෙලබෙන්නේ ඔවුන්ගේ තියෙන කුල ජාන නිසාද?
අතිතයේ බ්‍රහ්ම්මණයෝක්ශ්ත්‍රියන්ට වඩාද, ක්ශ්ත්‍රියන් වෙශ්‍යන්ට වඩාද උසස් කියල සමාජ සම්මතයක් හදාගෙන තිබ්බා. ඒ ඔක්කෝම පුහු දේවල් කියලා පෙන්වලා දුන්නේ අපේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ. මෙසේ උත්පත්තිය අනුව මිනිසුන් උසස් පහත් සේ වර්ග කිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ශේප කළ අතර එය වැරදි බව මජ්ක්‍ධිම නිකායේ වාසෙට්ඨ සූත්‍රය ඇසුරුන් විද්‍යානුකුලව පෙන්වලා දුන්නා.

එමෙන්ම උන්වහන්සේ යමෙක් ජාති වාදයෙන් ගෝත්‍රවාදයෙන් යුක්තව අන්‍යයන් පහත් කොට සලකා ක්‍රියාකරන්නේ නම් ඔහු පිරිහීමට පත් වන බවද උන්වහන්සේ පැහැදිලි කලේ මෙහෙමයි.

ජාති දෙධා ධනත්තද්ධෝ ගොත්තදධෝචත්ද්ධෝ යො නරො 
සඤ්ඤාතිං අතිමඤෙඤති තං පරාභවතො මුඛං7

දැන් මම එන්නම් වඩාත්ම විවාදයට බදුන්වෙන්න පුලුවන්  වචනයට,බෞද්ධ ත්‍රස්තවාදය.

අපේ රටේ බෞද්ධ ත්‍රස්තවාදයක් තියේද?එහෙම නැතිනම්  තවත් පුලුල්ව අහනවා නම් ආගම් ත්‍රස්තවාදයක්, බෞද්ධ, ක්‍රිස්තියානි හෝ මුස්ලිම් වේවා.

අපේ රටේ කෙසේ වෙතත් ලෝකයේ එහෙමදෙයක් තියෙන බව ලෝක ප්‍රසිද්ධ බෞද්ධ භික්ශුවක් වන දලෙයි ලාමා විසින් යුරොපියානු පාර්ලිමෙන්තුව අමත කරන පහත කථාවෙන් පැහැදිලි වෙනවා.


ඉහත කි මුල්ම අර්ථකතනයට අනුව, එනම් භය ඇති කිරීම තුළින් දේශපාලනික හෝ මතවාදීය අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා මහජනයාට ‍එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩත්වය  හෙවත් ත්‍රස්තවාදය, මෙරට තිබේද?

විවිධ ආගම් වල නිකායන් දුප්පත් බෞද්ධයන්ට මුදල් හා වෙනත් වරදාන ලබාදි ඒ ඒ ආගම් වලට හරවා ගැනිමට උත්සහ කිරිම කාලයක පටන් පැවතුනු කියාවකි.එම නිකායන්ට එරහිව , එම පල්ලි/ගොඩනැගිලි වලට බෞද්ධ පිරිස් විසින් පහර දිම් අනන්තවත් පසුගිය කාල වල සිද්ධ වුනා. .2003 හා 2004 වසරවල එසේ පහරදිම් 2006 අදික ප්‍රමාණයක් සිදුවි ඇතිබව අන්තර්ජාය මුලාශ්‍ර කියා පානවා.

බෞද්ධයන්ට වරප්‍රසාද දි වෙනත් ආගම් වලට හරවා ගැනිම වැරදිය, එය නතර කල යුතුය, එය බෞද්ධයන්ගේ පාර්ශවයේ මතයයි, ඉතා සාධාරණ මතයකි. එහෙත් අපගේ එම මතවාදීය අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය දියත් කිරිම නිවරදිද?

එය නිවැරදි නම් මෙරට නිතිය බලාත්මක කරනායතනය එනම් පොලිසිය, හා අධිකරණය කුමටද?

පසුගිය 2004 වර්ශයේ අලුත්ගම ආදි ප්‍රදේශවල ඇතිවු ගැටුම්වලින් හතර දෙනෙකු මියගොස් 80ට අධික පිරිසක් තුවාල ලැබුවා.බෞද්ධ භික්ශුවකට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහරදිම මෙම ගැටුමට ආසන්නතම සිදුවිම වුනා8.

හාමුදුරුවන්ට  කල පහරදිම බරපතක වැරද්දකි, එහෙත් එයට විසදුම තව ජිවිත 4ක් බිලිගැනිමද?

බෞද්ධ භික්ශුවකට වු ආසාධාරණයට, සාධාරණයක්  ඉශ්ඨ කරගැනිමේ අපගේ අභිමතාර්ථ ඉටු කර ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය   දියත් කිරිම නිවරදිද?

එය නිවැරදි නම් මෙරට නිතිය බලාත්මක කරනායතනය එනම් පොලිසිය, හා අධිකරණය කුමටද?

එමෙන්ම මෙරට ව්‍යවස්ථාදයකයට බුද්ධාගම සුරැකිම ඉදිරියට දාගෙන පාර්ලිමෙන්තුවට ගිය හාමුදුරුවරු ඇතුලු ඇමතිවරු/මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත හෙල උරුමය නම් පක්ශයක්ද වෙනවා. ඒ පාර්ලිමෙන්තුව නියෝජනය කරන බහුතර බෞද්ධ දේශපාලඥයන්ට අමතරවය.

නිති නැතිනම්, නිති හැදිමට ඒ අයට බල පැම් කල යුතුය, තිබෙන නිති ක්‍රියාතම වන්නේ නැතිනම් ඒ අය හරහා නිතිය බලාත්මක කරන ආයතනයට බල පැම් කල හැකිය.

ලෝකයටම පිලිලයක් වි ඇති මුස්ලිම් ත්‍රත්තවාදය ගැන නම් ලිවිමට බොහෝදේ ඇත. එහෙත් එය මෙම ලිපියේ අරමුණට පරිභාහිර නිසා සාගච්චා නොකෙරේ.

බෞද්ධ ජාතිවාදි සංවිධානයන්හි භුමිකාව

අන්තවාදි අන්‍යාගමිකයන්, විශේෂයෙන් මුස්ලිම් ආගමිකයන්, රටේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන වලට කාලයක පටන් විව්ධ අකටයුතුකම් සිදුවන බව කවුරුත් දන්නා කාරණාවකි. විවිධ  හේතුන් මත, පොලිසිය හා අදාල ආයතන ඒවා ආරක්ශා කිරිමට කිරියා කරන්නේ ඉතා සෙමිනි.

ඒවායේ ප්‍රථිපලය නම් සිංහලේ, බොදු බලසේනා වැනි ජාතිවාදය ප්‍රචාරය කරන සංවිධාන බිහිවිමයි. මෙහිදි අප තෙරුම්ගත යුතු කාරණාවක් නම්, එවන් සංවිධාන තුලින් ඉහත කි අකටයුතුකම් වලට එරහිව කතා කිරිමට අමතරව, ජාතිවාදි භුමිකාව රග දැක්විම යනු, මුස්ලිම් ජාතිවාදි සංවිධාන වල ශක්තිය තව තර කිරිමක් බවත්ය.ඒ මන්ද යත්, මුස්ලිම් ජාතිවාදි සංවිධානවලට, බෞද්ධ ජාතිවාදි සංවිධානවල, ජාතිවාදි ක්‍රියාකාරිත්වය පෙන්විම තුලින්, මධ්‍යස්ථමුස්ලිම් ජාතිකයන් පවා ජාතිවාදින් බවට පත්කල හැකි නිසායි.

දැන් කතාකරමු ජාතිකවාදියෝ ගැන?

තමන් අයිති කුඩා කුල, උදාහරණ ලෙස ගත්තොත්, අහවල් ඉස්කෝලේ, අහවල් ගමේ අය, අහවල් ආගමේ අය කියන කුඩා කුල වලට තියෙන ලැදියාවට වඩා අපි ඔක්කොම ශ්‍රි ලාංකිකයෝ කියන හැගිම, අපේ මේ මවුබිමට තියෙන ලැදියාව අනිවාර්‍යෙන්ම වැඩි වෙන්න ඔනි.එහෙත් එහෙම නොවන අය නැතුවා නොවේ.තවමත් වතුකරයේ සිටින සමහර ඉන්දියානු දෙමල අය ශ්‍රි ලංකාවට වඩා ලැදි ඉන්දියාවට, එකනේ මොඩි ලංකාවට පැමිණි අවස්ථාවෙන් ඔවුන් වෙනුවෙන් නොර්වුඩ් වල වෙනම ජනහමුවකුත් පැවැත්වුයේ.
අපිට රටක් හැටියට ඉදිරියට යන්න නම් ඔනි වෙන්නේ මෙන්න මේ, ජාතිකවාදය  සමග ඉදිරියට යාමයි.පසුගිය කාලේ සිංගප්පුරුවට ගිය වෙලාවේ එහිදි දැකපු වටින කියමනම් මම ඒ දවස්වල බුකියේ දැම්මා, ඒ මෙන්න මේක,


අවසානයට

පසුගිය දශක කිහිපය තුල අපේ සමාජයේ ජාතිකත්වය එන්න එන්නම අඩුවෙලා ජාතිවාදය වැඩි වෙන බවයි පෙනෙන්නේ.නිදහස් සටනෙදි සිංහල, දමිල, මුස්ලිම් අපි ඔක්කොම එකට ජාතිකත්වයෙන් යුතුව සටන් වැදුනා, ඒ සටන් ජය ගත්තා.

පස්සේ පස්සේ, චෙල්වනායගම්ලා නිජබිම් සංකල්ප හරහා ජාතිවාදය පතුරවලා, ෆෙඩර්ල් මගින් වපුරපු විශබිජ, බණ්ඩාරනායකලා සිංහල භාශා පනත් ගෙනෙලා තවත් පැතිරෙවුවා. ඒ විෂබිජ හින්දා හැදුනු පිලිකාව සුව වුනේ, අවුරුදු 30ට පස්සේ නන්දිකඩාල් කලපුවෙන්.අපේ ජාතිවාදියේ 1983 ජුලි මාසේ තිබ්බේ මේ ලංකා මාතාවගේ මුණේ මකන්න බැරි කලු ලපයක් කියන එකත් අපි ඔක්කොම දන්න දෙයක්.
පැහැදිලි නේද ජාතිකත්වය  මුල කරගෙන ඉදිරියට ගියාම ලබන ජයත්, ජාතිවාදය මුලික කරගෙන ගියාම ලබන පරාජයත්.

ඉතින්, තිරණය කල යුතුයි ඉදිරියට තවත් ජාතිවාදය වපුරවමින්(අපේ ජාතිය / ආගම උසස් කරමින් අනෙක් ජාතින් /ආගම් පහත් කිරිම) තවත් කලු ජුලියක් වෙනුවෙන් ඉදිරි පියවරක් තබනවාද එහෙම නැතිනම්, ජාතිවාදය පිටුදැකලා ජාතිකත්වය පෙරටුකරගෙන ඉදිරියට යනවද කියන එක.

එහි ප්‍රථිපලය ඔබට මට නොව, වෙසෙසින්ම දැනෙන්නේ අපේ අනාගත පරපුරටයි.

මුලාශ්‍ර:       https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA2.       http://dictionary.cambridge.org/dictionary/english/terrorism3.       http://dictionary.cambridge.org/dictionary/english/racism4.       http://www.divaina.com/2016/01/16/feature01.html5.       http://dictionary.cambridge.org/dictionary/english/nationalism6.       https://en.wikipedia.org/wiki/Buddhism_and_violence#Sri_Lanka7.       http://www.lakehouse.lk/budusarana/2015/05/03/tmp.asp?ID=fea05
8.       https://en.wikipedia.org/wiki/2014_anti-Muslim_riots_in_Sri_Lanka 

No comments:

Post a Comment

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.