Tuesday, July 14, 2009

ප්‍රමාණ සමික්ෂක - www.qsonline.info



ප්‍රමාණ සමික්ෂණ විද්‍යාව වනාහි ඉදිකිරිම් පිරිවැයකරණය (Construction Costing), තාක්ෂණික අධයනය(Technological Studies),මිලදි ගැනිම් කලමනාකරණය (Procurement Management),නිතිය(Legal Studies) , කලමනාකරණය (Management Studies) හා ආර්ථික විදයාව (Economic Studies )යන ප්‍රධාන විෂයන්ගෙන් සැදුම් ලත් විද්‍යාවකි.

දැනට මෙම විද්‍යාව ශ්‍රි ලංකාව තුල අධයාපන ආයතන කිහිපයක් තුල සිංහල, දෙමල හා ඉංග්‍රිසි යන මාධයන්ගෙන් ඉගැන්වේ.ඒවායේ පැවැත්වෙන පාඨමාලා, සහතික මට්ටමේ සිට ප්‍රථම උපාධිය දක්වා විහිදේ.

මෙම විෂය ක්ශේත්‍රයට අදාලව ලියවි ඇති පොත්පත් බොහෝමයක් ඇත්තේ ඉංග්‍රිසි භාෂාවෙනි. එය සිංහල භාෂාවෙන් අධයනය කරන්නෙකුට බාධාවකි.ඉංග්‍රිසි භාෂාවෙන් ඉගෙනගන්න අයෙකු ඉංග්‍රිසියෙන් ලියවුනු පොත් පත් පරිශිලයන කිරිම අනිවාර්යවේ.මන්දයත් ඒ තුලින් එම විෂයේ යෙදෙන තාක්ෂනික යෙදුම් මනාව හුරුවන නිසාය, එහෙත් ඉංග්‍රිසි භාෂාවෙන් අධයනය කරන්නෙකුට වුවද සිංහලෙන් ලියවුනුපොත් පත් තිබිම ඉමහත් පිටුවහලකි. ඒ මන්ද යත් ඉංග්‍රිසි භාෂාවේ දුර්වල අයෙකුට යම් දැනුමක් ප්‍රථමයෙන් මවු භාෂාවෙන් ලබාගෙන දෙවනුව එය ඉංග්‍රිසි භාෂාවෙන් අධයනය කිරිම තුලින් විෂය කරුණු මෙන්ම අදාල තාක්ෂනික යෙදුම්ද ඉගෙනගත හැක.

ප්‍රමාණ සමික්ෂණ විද්‍යාව පිලිබදව සිංහලෙන් ලියවුනු අල්පයක් වු දැනුම ගොන්නට අලුතින්ම එක් වෙන්නේ මෙම"ප්‍රමාණ සමික්ෂක" බ්ලොග් අඩවියයි.

www.qsonline.info

No comments:

Post a Comment

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.