Friday, June 5, 2009

ආදරය

මෙම ලිපියේ කරුණු චාන්දිමා මුනමලේ ඈපාගේ "ආදරය විවාහයට පෙර සහ පසු" කෘතියෙන් උපුටා ගන්නා ලදි.


A) ආදරයේ ස්වභාවය

ආදරයේ පියවර පහකි.බොහෝ දෙනා මේ පියවර එකින් එක පසු කරන නමුත් පස්වන අවධියට ලගා නොවේ. එම හිතුව නිසා බොහෝ දෙනාට වන්නේ ජිවිත විදිම වෙනුවට විදවිමටයි.

1) ආකර්ශණය

දෙදෙනෙකු අතර මුලින්ම ඇතිවන්නේ ආකර්ශනයක් මිස ආදරයක් නොවේ.මෙම ආකර්ශනය රුපයට,දක්ෂතාවලට, කතා විලාශය වැනි දෙයකට විය හැකිය.ටික කාලයක් ආශ්‍රය කර වෙන්වි යන පෙම්වතුන් අනන්තවත් ඇත.ඔවුන් අතර තිබි ඇත්තේ ආකර්ශනයක් මිස ආදරයක් නොවේ.ආකර්ශනය, එයට හේතුවු දෙය නැති විට නැතිවි යයි.ආදරයකදි එසේ නොවේ.

සත්‍ය අත්දැකිමි

වයස අවු 14ක් වු මෙම දියණිය නොගැලපෙන තරුණයෙකුට පෙම්කල වරදට පියා එම දරුවා නිවසින් එලවා දමා තිබිණි.ඇදුම්, පැලදුම්, පොත් පත් මහපාරට විසි කොට දරුවා පන්නා දැමු පසු ඇය එම තරුණයා සමග යනවා මිස වෙන කුමක් කරන්නද? එම දැරියගේ මිත්තණිය මැදිහත් වි ආරක්ශා කරගෙන ඇය උපදේශනයට යොමු කර තිබිනි. එම දැරියගෙන් පෙම්වතා පිලිබදව විමසුවිට ඔහුගේ පවුල් පසුබිම,මවුපියන්ගේ රැකියා, ජිවත් වන පරිසරය වැනි කිසිවක් ගැන කරුණු නොදන්නා බව පැහැදිලි විය.ඇය ඔහුට පෙම්කර ඇත්තේ ඔහුගේ පෙනුමට,විනෝදශිලි බවට මිස වෙනත් වැටහිමක් ඇතිව නොවේ. "අනිල් තමා අපෙ පන්තියේ විනෝදෙන්මඉන්න කෙනා හැම ගැනු ලමයෙක්ම එයාට කැමතියි.ලගදි ඉදලා අනිල් සිගරට් බොන්නයි අරක්කු බොන්නයි පුරුදු වෙලා.මට ඒ ගැන හරිම දුකයි.එකයි මම නිතරම එයා එක්ක කතා කරලා, පාඩමට ඉගෙනිමට යොමුකරගන්න බැලුවේ.අපරාදේ නරක පුරුදු වලට ඇබ්බැහි වෙලා ඉගෙනිම කඩාකප්පල් වෙයි,එයා ලෙඩ වෙයි,කවුරුත් එයාට නරක කෙනෙක් කියල කියයි කියල මට බය හිතුණා.එයාව හදාගන්න ඔනි නිසයි මම එයාව ආශ්‍රය කලේ" මෙවැනි අදහස් ඇති යොවුන් දැරියන්ට බැනවැදි,ගුටු බැට දි පංති තහනම් කර පලක් නැත.මෙවැනි අදහස් එම වයසේදි ඇතිවිම ස්වභාවිකයි.සමාජ අත්දැකිම් නොලැබු නව යොවුන්වියේ සිටින මෙම දරුවන්ගේ අදහස් ,වටිනාකම් තෙරුම්ගෙන , පිලිගෙන මිස බලයෙන් ඔවුන් වෙනස් කිරිම අපහසුය.එම යොවුන් දරුවන්ගේ දෘෂ්ථි කෝණයට අනුව ඔවුන් කරන්නේ යහපත් ක්‍රියාවකි.මේ නිසා වැඩිහිටියන්ගේ අදහස්වලට එරෙහි වන්නට ඔවුන් හා තර්ක කරන්නට පසුබට නොවෙති. දුප්පත්කම,ජාතිය,කුලය,ආගම,අධයාපන මට්ටම,පවුල් පසුබිම වැනි කිසිවක් ඔවුන්ගේ යොවුන් ආදරයට බාධාවක් නොවේ.මවුපියන් යොවුන් දරුවාට තලා පෙලා බැන වැදි,ආරක්ශාව සපයමින් ගැටලුව විසදන්නට යාමෙන් එය තවත් උග්‍ර වේ.මෙහිදි හැකි තරම් දරුවාට ලංවි අදහස් දැන ගනිමින් සියුම් ලෙස කරුණු වටහා දිමට තරම් ඉවසිමක් ,කල්පනා ශක්තියක් දෙමවුපියන්ට තිබිය යුතුය.මෙලෙස කලබලවු මවුපියන්ටත්, දරුවන්ටත් දුක්බර ඉරණම් හිමිවන බව මැනවින් පැහැදිලි වේ.

2) කුතුහලය

ආකර්ෂනයෙන් අනතුරු අවධිය කුතුහලයයි.මෙහිදි අනෙකාගේ විස්තර සොයා බැලිමට පෙලබේ.අධ්‍යාපනික තත්වය,පවුල් පසුබිම, චරිත ස්වභාවය, මතයන් පිලිබදව විමසිලිමත් වේ.

සත්‍ය අත්දැකිමි

කුසුම් රුමත් තරුණියකි.ඉතාම දුෂ්කර පලාතකසිට ප්‍රධාන නගරයක එක්තරා ආයතනයක සේවයට පැමිණි ඇය ඉතා කඩිසරව, දක්ශ ලෙස තමන්ට පැවරු කටයුතු ඉටු කලාය.එම ආයතනයේම සේවය කල තරුණයෙක් සමග ඇගේ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති විය.ඔහුද පිටිසර පලාතකින් පැමිණි , කා අතරත් ජනප්‍රය වැඩට දක්ශ තරුණයෙකි.මාස තුනක් ගත වන විට ඔවුන් දෙදෙනා ලගින් ඇසුරු කරන පෙම්වතු යුවලක්ව සිටියහ. ඔවුන් නොගිය තැනක් නැත.කුසුම් ඉතා ප්‍රිතියෙන් අනාගත් සිහින දකිමින් ඇයට පැවරුනු වැඩවල යෙදුනාය.ජයසිරි සමග විවාහ විමට සිටින නිසා කුසුම් ඔහු කියල සැම දෙයකටම එකග වුයේ හරි හැටි කිසිම කිසිම කරුණක් සොයා බැලිමේ කිසිදු අවශ්‍යතාවයක් නැති තරමට ඔහුව විශ්වාස කල බැවිනි.දිනක් හදිසියේ පැමිණි දුරකථන පණිවිඩයකින් කියවුනේ ජයසිරිගේ පියා මිය ගිය බවයි.ආයතනයේ සේවය කරන මිතුරු මිතුරියන් සමග කුසුම්ද ඉතා ඔනැ කමින් අවමගුලට සහභාගිවුයේ ජයසිරිව මහත් අපහසුතාවයට පත් කරමිනි. සාමාන‍ය පරිදි අවමගුල් කටයුතු සිදුවුවත් ජයසිරි නිතරම කුසුම් මග හැර සිටින්නේන් ඥාතින්ට ප්‍රේම සම්බන්ධය ගැන හෙලිවේ යැයි බියෙන් වන්නට ඇතැයි මිතුරන් කුසුම්ට විහිලු කලහ.අවුරුදු තුනක පමණ දරුවෙකු පැමිණ"තාත්තේ අම්මා එන්න කිවා" කියා ජයසිරිට ඇමතු විට සියල්ලෝම තුශ්නිම්භුත වුහ. විවාහය, චරිතය , අනාගතය වැනි දහසක් බලාපොරොත්තු මාසතුනක ඇසුරක් සමග සුණු විසුණු වි යාමෙන් කුසුම්ගේ මානසික තත්වය ඉතාම පහල මට්ටමකට ඇද වැටුණි.

3) කුල්මත්විම

මෙම අවධියේදි උත්සහ කරන්නේ තම දක්ශතා අනෙකාට පෙන්විමටයි.අනෙකා කෙරෙහි පරිත්‍යාගශිලිව කටයුතු කරයි.මුදල් වියදම් කරමින් තමා කෙරෙහි උනන්දුව වැඩි කරගැනිමට උත්සහ දරයි.කාලයකට පෙර විවිධ තැගි භෝග ලබා දුන් අය පසුව එසේ නොකරන්නේ ඔවුන් තුල සැබැ ආදරයක් ඇතිවිමට වඩා එම කුල්මත් විමේ අවධියේදි කැපි පෙනෙන්නට ගත් උත්සාහයන් නිසාය.

4) විචිත්‍ර බව

එකිනෙකා කෙරෙහි හට ගන්නා ලැදියාව නිසා නිතර දැකිමට, කතා කිරිමට, ශාරිරික ස්පර්ශයට පෙලබවිමක් මෙම අවධියේදි ඇතිවේ.මෙහිදි පුරුෂ පක්ශය වැඩි වශයෙන් ලිංගික අංශයට නැබුරු වන බව පැහැදිලි කරුණකි.ගැහැනිය බොහෝ විට බලාපොරොත්තුවන්නේ ආදරය,උණුසුම හා ආරක්ශාවයි.තවද දෙදෙනෙකු වෙන්විමට වැඩි ඉඩක් ඇත්තේ මෙම අවධියේදිය.

5) ආදරය

මෙම අවධ්යට පත් වන්නේ ඉහත පියවරයන් සාර්ථකව සම්පුර්ණ කළ ආදරවන්තයන් පමණි.මොවුන් ආදරය යනු හැගිමක් පමණක් නොව පරිත්‍යාගය, කැපවිම, විදදරා ගැනිම ආදරයක අත්‍යාවශය ලක්ශණ බව අවබෝධකර ගනි.කොන්දේසි විරහිතව අනෙකාව භාර ගැනිමට සුදානම්ය.කිව නොහැකි තරම් ශක්තියකි, එයට ලගින්ද දුරින්ද යන්න අදාල නොවේ.මම ලෙසින් සිතු කාලය නිමවි අප ලෙසින් සිතයි.වැදගත් තිරණ ගැනිමේදි දෙදෙනාගේම එකගතාවයෙන් ගනි.අනෙකා වෙනුවෙන් තමන්ගේ දේ පරිත්‍යාග කිරිමට සුදානම්ය.මෙසේ පුර්ණ ආදරයක් දිමට හා ලැබිමට නම් ස්වයංඅවබෝධය මෙන්ම අන්‍යාවබෝධයත් ලැබිම අවශ්‍ය වේ.


B) පෙම් කිරිමේදි විමසිය යුතු කරුණු

1) තමන් හැදි වැඩුනු පවුල් පරිසරය අනෙකාට ගැලපෙනවාද?එසේ නැතහොත් තමාගේ පරිසරයට හැඩගැසෙන්නට තරම් හැකියාවක් ඔහුට/ඇයට ඇත්ද?

2) තමන්ගේ උගත්කමට අධ්‍යාපන තත්වයට ඔහුගේ/ඇයගේ උගත්කම ගැලපෙයිද?නැතිනම් අවබෝධයෙන් යුතුව එම නොගැලපිම් ගැන නොසලකා කටයුතු කරන්නට ඔහු/ඇය සමත්ද?

3)දෙදෙනාගේ රුචිකත්වයන් ගැලපේද?එසේ නොවුනත් අනෙකාගේ රුචිකත්වයට ඉඩ ලබාදෙයිද?

4) ඔබගේ දක්ශතා ඔප් නංවා ගැනිමට ඔහු/ඇය අවංකවම උපකාර කරනවාද?

5)තමාට අවශ්‍ය විවේකය, නිදහස පුද්ගලික කටයුතු සදහා අවශය සහාය ඔහු හෝ ඇය ලබා දෙනවාද?

6)ඔහු/ඇය ඔබට ඇහුන්කන් දෙනවාද?


C) සැබැ ආදරයක ලක්ෂණ

1) පිලිගැනිම : මෙය කොන්දේසි විරහිත පිලිගැනිමක් විය යුතුය

2) සෙනෙහස : වචන වලින් හා ක්‍රියාවෙන් පෙන්වන සමිප බව හා සැලකිලිමත් බව

3) අගය කිරිම : අනෙකා කල කි දේ වටිනාකම ගැන කථා කිරිම,එයට ස්තුති කිරිම,ප්‍රශංසාව

4) අනුමැති : අනෙකාගේ වැරදි අඩුපාඩුම නොසොයා යහපත්කම් ගැන අවධානය යොමු කිරිම හා අනුමැතිය දැක්විම. වැරදි අඩුපාඩුකම් හෙලා දැකිම වෙනුවට ඒවා නිවැරදි කර ගැනිමට උපකාරිවිය යුතුය.

5) අවධානය : අනෙකා කරන කියන කටයුතු, ඔහුගේ/ඇගේ ලෝකය පිලිබදව අවබෝධයෙන් සිටිම

6) සුවපහසුව : එකට සිටිමෙන් සතුට,සැහැල්ලුව විදිම,මෘදු බව දැක්විම

7) දිරිගැන්විම : ඔහු/ඇය කැමති සතුටු දායක දේ තුලින් ඉදිරියට යැමට අවශ්‍ය සහයෝගය,ධෙර්ය ලබා දී උනන්දු කිරිම.

8) ගෞරවය: ගැරහිමෙන් අපහාසකිරිමෙන් ටිකෙන් ටික ඇතිවන තුවාලය පසුව වනයක් සේ විශාල වෙයි.ඔහු/ඇය පුද්ගලයෙකු ලෙස කොයිතරම් වටිනා අයෙක්දැයි නිතර සිතා උසස් ලෙස සැලකිම

9) සුරක්ශිතභාවය: කායික මෙන්ම මානසික සුරක්ශිතභාවයද ම්නිසෙකුට ඉතාම අවශයයි.හානි කිරිම්, තර්ජනය කිරිම්, වැනි බිය වලින් නිදහස්වි සැහැල්ලුවෙන් ජිවත්විමට නිදහස තිබිය යුතුය.

10) සහයෝගය: බෙදා හදා ගනිමින්,කැමැත්තෙන් සහය දැක්විම


D) විවාහය සදහා තිබිය යුතු අනිවාර්‍ය සුදුසුකම - පරිනිතභාවය

· · තමාට වෙනස් කල නොහැකිදේ, කල නොහැකිදේ ,නොවැලැක්විය හැකිදේ පිලිබදව සහයෝගයෙන් කටයුතු කරන්නට පුරුදුවේ.

· අනිත් හැම දෙනාම අවිශ්වාස නොකරයි..අනිත් අයට ඔහු කෙරෙහි විශ්වාසයක් හට ගනි

· ආදරය ලබනවිට ඔහු ඉට වහලෙක් නොවේ,ඔහු බොහෝ විට යථාර්තයට එකගව සතුටින් සිටිමට කරුණුඅවබෝධකර ගනි.

· ප්‍රමාණයට අනුව සිද්ධියට අදාලව අනුපාතිකව ගැගිම් ප්‍රකාශ කරයි. දිර්ඝ කාලින යහපත් වෙනුවෙන් යම් යම් දේ පරිත්‍යාග කිරිමට සුදානම්ය

· විවාහයේදි ආදරය දිමටත් ආදරය ලැබිමටත් ඔහුට හැකිය.

· සැම විටම තමා ලෙස සිටිමින් කටයුතු කරයි.

· කෝප නොවන ඔහු කලකිරිම දරාගනි.

· ජිවිතය පුරා අධ්‍යාපනය ලබන ඔහු කිසිකලෙක අනුන්ගෙන් යැපෙන්නෙක් නොවේ

2 comments:

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.