Monday, June 4, 2018

වැරදුනු (නිවන්) මග

ඉමක් කොනක් නැති
බියකරු සසරේ
භවයෙන් භවයට
අපි යනවා

ලොවුතුරු බුදුහිමි
පෙන්වු මග හැර
අපේ මගක අපි
දිව යනවා

මෝහය දුරලනු  වෙනුවට
අනෙකාට වඩා ඉහල බව
පෙන්වන්නට අපි
වෙහෙසෙනවා

පහ කල යුතු ද්වේශය
ජී ගූ ලෙසින් ඉවතට
හිසේ තබාගෙන
වැජබෙනවා

රාගය වඩමින්
ඉදුරන් පිනවා
භව හදමින් තව තව අපි
සැනසෙනවා

No comments:

Post a Comment

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.