Saturday, November 21, 2009

ආ.ද.ර.ය.

එක් අහඹු දිනයකදී
අහඹු වු නිමේශයකදි
ඔබ මා මුනගැසුනද
එය සැබැවින්ම අහබුවක් නොව
සසර පුරාවට පැතූ පැතුමක,
ආත්මීය බැදීමක ඇරඹුමකි

ඉදින්, එය තවත් එක්
බැදීමක් පමණක්ම නොව
ආ.ද.ර.ය.
යන නිර්මාණාත්මක
අකුරු සතරේ පරතෙරට පැමිණි
ආශ්චර්යාත්මක සංසිද්ධියකි

ඒ සැබැවු පැතුම ඇති කල දේ බොහෝයි
දුක සතුට සිනහව කදුල
සියලු දේ මැදහත්ව විදිමින්
සසර පුරා ආ ගමනේ
මේ නැවතුමෙන් නික්මෙන තුරු
දෙදෙනෙකු ලෙසින් නොව එකෙකු ලෙසින්
බැදි විදින්නට, ජිවිතය
කාලයයි මේ

දිලාන්/චන්ද්‍රිකා

ජායාරුපය: http://www.dreamstime.com/thread_16593

Saturday, October 31, 2009

සිතා අම්මාන් කෝවිල




නුවර එළිය නගරයට ආසන්නව ඇති සංචාරකයින්ට වැදගත් එක් ස්ථානයක් වනුයේ සිතා අම්මාන් කෝවිලයි.

ඉන්දියානු විර කාව්‍යක් වන රාමායනයට අනුව රාම රජුගේ බිසව වු සිතා දේවියව රාවණා රජු විසින් පැහැරගෙනවිත් ලංකාවේ අශෝක් වනයේ සිරකර තබා ඇත.එම දේවිය සිර කර තැබු ස්ථානයේ මිට වසර දෙකකට පමණපෙර සිතා අම්මාන් කෝවිල ඉදි කරන ලද්දේ "සිතා අම්මාන් කෝවිල භාරකාර මණ්ඩලය මගිනි".

සිතා දේවිය මුදවාගෙන යාමට පැම්ණි වර්තමානයේ දේවත්වයෙන් සලකන හනුමාන් වෙනුවෙන් ඉදි කෙරුනුකෝවිල අසලින්ම මෙය ඉදි කර ඇත.

සිතා දේවිය සිරකර තබාගෙන ඇත්තේ මෙම ප්‍රදේශයේම බවට පහත සාධක පවතින බව සදහන්ය:

· සිතා දේවිය සිර කලේ ඝණ අශෝක වනයක බව රාමයනයේ සදහන් විම

· ශතවර්ෂයකට පමණ ඉහතදි මෙහි තිබි ප්‍රතිමා තුනක් හමුවි ඇත. එකක් සිතා දේවියගේවේ.

· රාවණාගේ මාලියය මේ අවට ප්‍රදේශයේ තිබු බව විශ්වාස කිරිම

මෙහි සිතාදේවියගේ, හනුමාන්ගේ හා ලක්ෂ්මන්ගේ ප්‍රතිමා තුනක් දක්නට ඇත.මෙහි ඇති ගගේ අනෙක් පස ඉවුරේ ඇති ගල සිතාදේවිය භාවනා කල ස්ථානය ලෙසින් හදුන්වනු ලබනවා.

රාමායනයේ, රාවණා රජු විසින් රාමාගේ සොයුරු ලක්ෂ්මන් විසින් රාවණාගේ සොයුරිය වු සුපර්නිකාගේ නාසය,කන් කපා හිංසා කිරිමට පලිගැනිම සදහා සිතා දේවිය දඩුමොණර යානයෙන් ලක්දිව විරගන්තොට නම් ස්ථානයට පැහැරගෙන ආ බව සදහන්ය.

එමෙන්ම සිතා දේවිය සිරකර තබන ලද සිතා කොටුව නම් ස්ථානයේ සිට අශෝක වනය වෙත සිතා දේවිය රැගෙන ගියේ සිය රාජධානියේ සුන්දරත්වය පෙන්විමට බව විශ්වාසකරයි.එම මාර්ගයේ පිහිටා ඇතැයි සලකන සිතා කදුලු පොකුණ ලෙසින් හැදින්වෙන පොකුණ සිතා දේවියගේ කදුලු වලින් නිර්මාණය ජනප්‍රවාදවල සදහන්ය. මෙම ප්‍රදේශයේ ඇති සිතා මල් එම ප්‍රදේශයටම ආවේණික මල් වර්ගයකි.

ගුරුලපොත ලෙසින් හැදින්වෙන්නේ රාවණා රජුන්ගේ ගුවන් යානා අලුත්වැඩියා කරන මධ්‍යස්ථානය පිහිටිස්ථානය බව සැලකේ.හනුමාන්ට සිතාදේවිය හමුවුවා යැයි සලකන්නේ හක්ගල උද්හිත උද්‍යානය පිහිටිස්ථානයේදිය.


මුලාශ්‍ර:

http://www.tourslanka.com/ramayana-sri-lanka.php

http://www.lankalibrary.com/heritage/sita.htm

http://www.sltda.lk/ramayana

http://www.angelfire.com/sc3/1010/ashokavana.html

http://en.wikipedia.org/wiki/Ramayana_sites_in_Sri_Lanka

http://kalyan97.wordpress.com/2007/11/06/1200/

http://www.tourslanka.com/ramayana-sri-lanka/tours/RAM05001-ramayana-site-tours-excursions-4n-5d.php

http://www.lakdasun.com/forum/index.php?topic=449.0

Friday, October 23, 2009

අන්ධ පෙම්වතා

සැරයැටිය වනමින් මහ මග ගැටු අන්ධ මිනිසෙකි
වටිනා මිණි කැට වැදි සැරයැටිය,
විසිවුවද ඉවතට
ඌ නොවේ එය තැකුවේ කමකට

පය ගැටුණු, සුමට තිරිවානා ගල
සිත තුටු කල හෙයින් මැණිකක් යැයි සිතා ගත්තද
පසුව පසක්විම ඔහු,
රැවටුනු බව

Thursday, September 17, 2009

මේ උපවාසකිරිමට වෙන්වු මාසයයි

රාමසාන් යනු මුස්ලිම් ජනයා උපවාස කරන්නාවු මාසයයි.එම කාලය තුල ඔවුන් ආහාර පාන ගැනිමෙන් පමණක්නොව උගුරෙන් පහලට කෙල බිදක් හෝ යාමට නොදි මේ සදහා සහභාගි වෙයි.මෙම කාලය තුලදි ඔවුන් ආගමානුකුලව හැසිරෙන අතර පරණ වැරදි සදහා සමාව දිම සිදුවේ.එමෙන්ම ඔවුන් මෙම කාලය තුල විනෝදාස්වාද කටයුතුවලින් හැකිතාක් ඇත්වි සිටිමට වග බලා ගන්නවා. මෙහි අරමුණක් වනුයේ කැම බිම නැති දුප්පත් ජනතාව විදින දුක අවබෝධ කරගැනිමයි.එමෙන්ම මේ තුලින් ශරිරයේ ආහාර ජිර්ණ පද්ධතියට විවේකයක් ලබාදිම ශරිර සෞඛ්‍යට හොද දෙයක් බව සිතිය හැක.එය හුදෙක්ම ශ්‍රි ලාංකික අප අනුගමනය කරන් පුන්‍ය කාලයට සමාන ලෙස සැලකිය හැක. මෙය දැනට අප භාවිතා කරන දින දර්ශණයට අනුව වසරින් වසර දින 10 බැගින් ඉදිරියට එන්නේ සදේ පිහිටිම අනුවයි.

මේදිනවල දෝහා සිටි සෙන්ටර් හි රාමසාන් උත්සවය නිමිත්තෙන් පුරාණයේ කටාර් ජාතිකයින්ගේ දිවි පැවැත්ම විදහා දැක්වෙන පරිදි ආදර්ශ ගම්මානයක් නිර්මාණය කර තිබෙනවා.එහිදි පටිගත කල දර්ශනයක් මේ.

මෙහි ඇති එක් දර්ශනයක් වනුයේ ඔවුන්ගේ සාම්ප්‍රදායික දෙයක් වන ෂිශා පානයයි.

ෂිශා(Shisha)

Hookah, Shisha ලෙසින් හැදින්වෙන්නේ දුම් බිම (දුම්කොල,ඖෂධිය ශාක ) සදහා භාවිතා කරන උපකරණයකි. මෙහිදි Shisha ලෙසින් හැදින්වෙන්නේ එම උපකරණය මගින් ආඝ්‍රහණය කරන දුම්කොල හෝ වෙනත් ද්‍රව්‍යයි.එහෙත් සමහරක් අරාබි ජාතිකයින් එම උපකරණයම Shisha ලෙසින් හදුන්වයි.අරාබි ජාතිකයින් Shisha භාවිත කරන්නේ ඔවුන්ගේ සංස්කෘතියේ අංගයක් ලෙසින්.


මෙහිදි බදුනේ (Bowl) දුම්කොල සහ එය දහනයට අවශ්‍ය තාපය ලබා ගැනිමට ගල් අගුරුද බහාලයි.යමෙකු දුම් අග්‍රහණය කරන විට පිටින් ඇද ගන්නා වාතය ගල් අගුරු මගින් තාපය ලබා ගනි. එම රත්වු වාතය දුම්කොල හරහා යන විට ඒවා වාශ්ප බවට පත් කරයි (දහනයක් සිදු නොවේ ) එම වාශ්ප බද (Body) හරහා ගොස් පහල ජලය පිරි භාජනය(Water jar) වෙත යොමු වේ. රත්වු දුම්කොල වාශ්ප ජලය හරහා යාමේදි සිසිල්වේ. එම සිසිල්වු වාතය භාජනයේ ඉහල කොටසේ රැස්වේ. යමෙකු නලය(Hose) මගින් දුම්කොල වාශ්ප අග්‍රහණය කරන විට එම රැස්වු වාශ්ප ඔහුගේ ශරිරය වෙත ඇතුලු වේ.
එවිට නැවත පහල භාජනය තුල පිඩනය අඩුවිම නිසා පිටින් වාතය ඇද ගනි.එවිට මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදුවෙයි.
Shisha භාවිතය සිගරට් භාවිතයට වඩා ශරිරයට හිතකරබව සමහරුන් පවසනවා.එහෙත් එය සනාථ කිරිමට කිසිදු විද්‍යාත්මක අධ්‍යනයක් මෙතෙක් සිදු කර නැහැ. කෙසේ වෙතත් මෙය ශරිරයට හිතකර පුරුද්දක් නම් නොවේ.මෙයද සිගරට් මෙන්ම ශරිරයට අහිතකර බව වෙද්‍යවරුන්ගේ මතයයි.

අර්ථය නොතෙරුනත් රාමසාන් උත්සවයේ විවිධ අවස්ථා අඩංගු ලස්සන සින්දුවක්.


රාමසාන් ගැන ලියැවුනු වෙනත් ලිපි: