Showing posts with label පාසල. Show all posts
Showing posts with label පාසල. Show all posts

Monday, December 29, 2008

සරසවි මිතුරෝ 2007

2007 වසරේ දිග හැරුම…

2007 වසරේ සරසවි මිතුරෝ පලමු වැඩසටහන වුනේ උසස් පෙලට පිවිසෙන සිසුන්ට උසස් පෙල පිලිබදව දැනුවත් කෙරෙන වැඩසටහනයි. එය ක්රියාත්මක වුනේ සන්ගමයේ ලේකම් නුවන්ගේ අදහසකට අනුවයි. අපි ඒ සදහා සම්මන්ත්රණයකුත්, සිසුන්ට පොත් පින්චක් ලබා දෙන්නත් සැලසුම් කලා.පොත අප විසින් ගුරුවරුන්ගේ අනුශාසකත්වයෙන් යුතුව පිලියෙල කරන්න කටයුතුකලා.
ගණිත, ජිව විදයා, වාණිජ හා කලා අන්ශ සදහා එක් අන්ශයකට සාමාජ්කයින් දෙදෙනා බැගිනුත් පත් කරන අතරම එක් ගුරුවරයෙකුත් පත් කලේ හොද මග පෙන්විමක් ලබා ගැනිමේ අදහසින්.

අප විසින් ඒ ඒ විශයයන් යටතේ
• උසස් පෙළට කලා, වාණිජ, ජිව විදයා,ගණිත අංශය තෝරාගත යුත්තේ ඇයි?
• විශය නිර්දේශය හා එහි ස්වභාවය.
• තොරා ගත හැකි විශය සංකලනයන්
• විශ්ව විදයාල උපාදි අවස්තා
• වෙනත් උපාදි හා උපාදි නොවන පාඨමලා.

යන කොටස් යටතේ විස්තර කරනු ලැබුවා.ඉට අමතරව
• ඉංග්රිසි/සාමානය පොදු පරික්ශනයේ වැදගත්කම
• තේරාගත් විශය දාරාව සාර්ථකව හදාරන්නේ කෙසේද?
යන කොටස්ද පොතට ඇතුලත් කලා.

අපිට මේ පොත මුද්රිලත කෘතියක් ලෙස ලබා දෙන්න අත්වැලක් වුනේ අමිත් පුස්සැල්ල ගුරු පියාණන්. 2007 වසරේ සාමානය පෙළ ප්රතිඵල නිකුත් වෙලා දින තුනකට පසුව අපි උසස් පෙළට පිවිසුමක් සම්මන්ත්රණයේදි මේ උසස්පෙළට පිවිසුමක් පොත් පින්ච සිසුන්ට ලබා දුන්නා. සම්මන්ත්රණයේදි එක් එක් අන්ශ ප්රධානින් විසින් පොත් පින්චේ සදහන් කොටස් යටතේම, කරුණු සාගජ්චා කරනු ලැබුවා.

ඉට අමතරව
තෝරාගත් විශය දාරාව සාර්ථකව හදාරන්නේ කෙසේද?
ඉංග්රි්සි/සාමානය පොදු පරික්ශනයේ වැදගත්කම
යන කොටස් දෙක මා විසින් පැහැදිලි කලා.

ඔය දවසෙම තමයි මගේ උපාධි නිබන්දනයේ මුලික කොටස (Synopsis submission) භාරදෙන්න තිබුනේ.ආතතිය කියන වචනේ තේරිම හොදටම තෙරෙන්නේ ඔය වගේ අවස්තාවලදි තමයි.කොහොමහරි වැඩේ හොදට කෙරිච්ච එක ගැන නම් සතුටුයි.

ඒ සමගම සුභ පැතුම්පතේ වැඩෙත් අපි පටන් ගතතා. සුභ පැතුම්පත තමයි අපි සන්ගමයේ අරමුදල තරකරන්න තෝරාගත්ත වයාපෘතිය. බෝමිරිය ගනේවත්ත පුරාණ රජමහාවිහාරයේ චෙතයය තමයි අපේ වෙසක් සුභ පැතුම්පත සදහා තෝරාගත්තේ.













ඊ ඉලගට කරන්න තිබිනෙ අපේ වැදගත්ම වැඩේ, ඒ තමයි සරසවි සිසු ප්රභණාම උලෙල.
මෙවර අපි අලුත් අන්ගයක් එකතු කලා.ඒ "දක්ශතා දැක්වු උසස් පෙළ සිසුන් ඇගයිම" නමින් උසස් පෙල පන්තිවල පසුගිය වාර විභාගවලින් වැඩි ලකුණු ලබාගත් සිසු සිසුවියන් ඇගයිමයි.උලෙළ සදහා ප්රදාන අරාධිත අමුත්තිය ලෙස පාසලේ ආදි ශිශයා , ජයවර්ධනපුර විශ්ව විදයාලයේ කතිකාචාර්ය රුපිකා සේනාධිර මහත්මියට ආරාධනා කලා.මෙවර"විභාග සමත්විමේ මග" සදහා දායකත්වය ලබාදුන්නේ වෙදය රත්නසිරි බන්ඩාර මහත්මා.අපි මුද්‍රණය කල සමරු කලාපයෙන් ලද අදායම වැඩසටහනේ සාර්ථකත්වයට මනා පිටුවහලක් වුනා.




ඒ වැඩෙත් ඉවරයි. 2007 වසරට කරන්න සැලසුම් කරපු සියලු දේ සාර්ථකව නිම කලා.
බලමු අරමුනු ටික ඉටු කලාද කියලා.

ගුරුවරුන්, ආදි ශිෂය සංගමය, සුභ පතන්නන්ගේ සංගමය, ඇතුලු සියලු සංගම් හා වත්මන් ශිෂය පරපුර සමග සහයෝගයෙන් පාසලේ දියුණුවට කටයුතු කිරිම - ඔවු.

සරසවි ප්රවේශ ලබන සිසු සිසුවියන් ඇගයිම - ඔවු, සරසවි සිසු ප්රසණාම තුලින් එය ඉටු කලා.

දැනට පාසලේඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ අදයාපන කටයුතු සදහා උපකාර කිරිම - ඔවු, උසස්පෙළට පිවිසුමක් පොත් හා සම්මන්ත්රසණය හා විභාග සමත් විමේ මග වැඩමුලුව තුලීන්

සාමාජිකයන් අතර සුහදතාවා ඇති කිරිම හා ඔවුන්ගේ සුබසාදනයට කටයුතු කිරිම - මගේ කාල සිමාව තුලදි නම් කරගන්න බැරි විනා. එය ඉදිරියෙදි සිදුවේවි කියා සිතනවා.


කුශාන්, ටෙනිශා, සුදිර,නුවන්, සුරන්ග, ජානක,මහේශ්, චමිලානි, ඉනෝකා, සජිත ඇතුලු අනෙකුත් සොයුරු සොයුරියන්ගෙනුත් විදුහල්පතිතුමා, විල්සන්ට් ගුරුපියාණන් ඇතුලු පාසැලෙනුත් අමිත් පුස්සැල්ල ගුරු පියාණන්ගෙනුත් ලැබුනු සහයෝගය නිසා තමයි අපිට ඒ ගමන යන්න පුලුවන් වුනේ.

මේ ගැන සටහනකට ඇතුලත් කලේ මෙය කියවිම තවත් එවැනිම සන්ගමයක් බිහිවිමට පදනම වේවි යැයි සිතුනු නිසයි.
එය එසේ වන්නේ නම් දන්වන්න. මගේ උපරිම සහයෝගය ලබා දෙනවා.


නිමි

Thursday, December 25, 2008

සරසවි මිතුරෝ

සරසවි සිසුන්/උපාදිදාරින් අනිවාර්යන්ම කියවිය යුතුය. නමුත් අන් අය කියවිමේද වරදක් නැත.

2006 වසරේ දිග හැරුම…

මගේ සරසවියේ දමිල ජාතික මිතුරෙක් දවසක් මට කිවා ඔවුන්ගේ පාසලේ පනස්වන සංවස්තරයට ඔවුන් (එම පාසලේ ඉගෙනුම ලබලා දැනට සරසවි වල ඉගෙනුම ලබන සහෘදායන් පිරිස) මුදල් එකතු කරලා පැන් මුදණය කරලා පාසලට ලබා දෙන්න යන බව. ඒ සිද්දියෙන් පස්සේ මම මගෙන්ම අහගත්තා “සරසවි සිසුවෙකු වශයෙන් මගෙන් මගේ පාසලට ඉටූවිය යුතු යුතුකම් මම ඉටුකර ඇත්ද?” කියලා. මේ ප්රශ්නය මම තවත් මගේ හිතවතුන් කිහිප දෙනෙකුගෙන් ඇහුවා. හිතවතුන් කියලා කියුවේ බෝමිරිය මදය මහා විදයාලයේ ඉගෙනගෙන සරසවි වල ඉගෙනනුම ලබන සහෘදයන් කිහිපදෙනෙකු.මගෙත් ඔවුන්ගෙත් පිලිතුර වුයේ “නැත” යන්නයි. ඒ මිට වසර තුනකට පෙර, 2006 වසරේ මුල් කාර්තුවේ විතර.

මගේ අදහස වුයේ අපි එකතුවෙලා සංවිදානයක් පිහිටවලා පාසලට යම් කිසි සේවයක් කල යුතුයි කියලයි. සියලු දෙනාම එය එකහෙලා අනුමත කලා. මම නිවාඩු දවස්වල දන්න කියන පාසලේ ආදි සිසු සරසවි සිසුන්ව මුණ ගැසිලා මේ ගැන දැනුවත් කලා. ඔක්කොම වගේ වැඩේට එක පයින් කැමති වුණා. මුලික වටයේ සාගච්ජා පැවත්වුනේ මොරටුව සරසවියේ සුරංගගේ ගෙදරයි. ඒ සාගච්ජා වලදි අපේ අදහස වුනේ උසස් පෙළ සිසුන්ට උපකාරක පංති පවත්වමු කියලයි. අපි ඒගැන පලමුව පාසලේ මේ වගේ වැඩකට සහයෝගයක් ගතහැකි ගුරුවරයෙක් සමග සාගච්ජා කල යුතුබවට යෝජනා කලේ සුරංග. ඒ සදහා අපි විදයා අංශයේ මොහාන් සර්ව හමුවෙන්න තිරණය කලා. ඉරිදා දවසක මමත් සුරංගත් මොහාන් සර්ව මුණ ගැසිලා මේ ගැන කතාකලා. ඔහුගේ අදහස වුනේ උපකාරක පන්ති කිරිමට තුලින් අප පලමු වැඩ පිලිවලින්ම අසාර්ථක විමේ හැකියාවක් පවතින බවයි. ඔහුගේ අදහසවුයේ පලමුව, වසරකට අවම වශයෙන් එක් වැඩසටහනක් හෝ සංවිදානය කර පසුව වැඩසටහන් පුලුල් කල යුතුයි කියායි. මේ කාලයේ අපි කිහිපවතාවක් හමුවුනත් පැමිනිම එතරම් සතුටු දායක මට්ටමක තිබුනේ නැ. එකනිසා අපි හිතුවා මුලින්ම එක වැඩසටහනක් කරලා කට්ටිය එකතුකරගෙන පස්සේ සංවිදානයක් හදන්න.
ඒ වගේම තමයි සංගමයේ නම ගැන කතා බහ කිරිමේදි සරසවි මිතුරෝ, සරසවි සුමිතුරෝ, සරසවි සිසු එකමුතුව වැනි නම් කිහිපයක් යෝජනා වුනා. එත් අපි ඒ ගැන තිරණයක් ගැනිම පසුවට කල් දැමුවා.

අපි තිරණය කලා භෞතික විදයාව විෂය සදහා උසස් පෙළ සිසුන්ට සම්මත්රණයක් පවත්වන්න. ඒක දැනට භෞතික විදයාව උපකාරක පන්ති පවත්වන කොලඹ සරසවියේ අනුරාද සොයුරාට අපි භාරදුන්නා.ඒත් අපි විදයා අංශයට විතරක් සම්මත්රණයක් කරන්න යන එක ගැන කිහිපදෙනෙකු විරුද්දත්වය පල කලා. පසුව අපි විදයා, ගණිත අංශවලට පොදු විශයක් වන භෞතික විදයාව හා කලා, වාණිජ අංශවලට පොදු විශයක් වන ආර්ථික විදයාව යන විශයන් දෙක අලලා සම්මත්රණය පවත්වන්න සැලසුම් කලා. ආර්ථික විදයාව ගැන සම්මත්රණය කොලඹ සරසවියේ ජානකට භාරදුන්නා.ඒ වගේම විශයයන් පිලිබදව සම්මන්ත්රණය අතරතුර විභාගයට සුදානම් විමට අත්වැලක් වන ලෙස,අපි කිහිපදෙනෙකු අතර සාගච්ජාවකුත් පවත්වන්න යෝජනා වුනා. ඒ සාගච්ජායේදි පාඩම් කිරිමේ ක්රම ශිල්ප, මූතුවන ගැටලු හා ඒවාට විසදුම් වගේ මාතෘකා ගැන කතාකරන්න තමයි යෝජනා වුනේ.වැඩසටහනට මුදල් අපි එක් අයෙකුගෙන් රු.500 ගානේ එකතු කරලා ලබාගන්න තිරණය කලා. අපි පාසලේ පුස්තකාලයට පොත් පරිතයාග කරන්නත් සැලසුම් කලා.ඒ සදහා පොත් අපි පරිහරනය කරපුවා එකතු කිරිමෙන් හා හිතවතුන්ගෙන් ලබා ගැනිමට තිරනය කලා.ඒ වගෙම තමයි අපි පිහිටූවන්න යන සංවිදානය ඉදිරියට ගෙනයන්නනම් ඉදිරියේදිත් අපේ පාසලෙන් සරසවියට තේරෙන සිසු සිසුවියන්වත් අපේ සංවිදානයට සම්බන්ද කරගත යුතු වෙනවා. ඒ සදහා හොද වැඩපිලිවෙලක් අපිට අවශය වුනා. අපි කරන සම්මත්රණයදිම පසුගිය වසරේ සරසවියට තේරුණු සිසු සිසුවියන්ට ඇගයිමට ලක් කරන්න සැලසුම් කලා.එ තුලින් අපිට පුලුවන් වෙනවා ඔවුන්වත් අපේ සංවිදානයට බදවා ගන්න.පසු දවසක අපි මේ වැඩ පිලිවෙල ගැන විදුහල්පතිතුමාව දැනුවත් කරන්න පාසලට ගියවේලාවේදි පාසලෙන් හම්බවුනු යහපත් ප්රතිචාරය අපිව සැහෙන දිරිමත් කලා.

පසුව යෝජනාවක් මතුවුනා එම සාගච්ජාව අපි කරනවාට වඩා ඒ පිලිගදව ප්රවිනයෙකු ලවා කරවන එක හොදයි කියලා. මම ලග දයා රෝහණ අතුකෝරාල මහත්මයාගේ දුරකථන අංකය තිබුණා, ඒක තමයි අපි ප්රවිනයා හැටියට ඒ මහතාට ආරාදනා කරන්න තිරණය කරන්න එකම හේතුව. දයා රෝහණ අතුකෝරාල මහත්මයාව සම්බන්ද කරගන්න අපිට සැහෙන වෙහෙසෙන්න වුණා.කොහොමහරි අන්තිමට මුනගැහුණා. එතනදි ඔහු කිවේ” මේවැඩේට සැහෙන්න කාලයක ඉදන් හුගක් මහන්සි වුණානේ, එකනිසා අපි වැඩේ කරමු” කියලයි. අපි කලින් සැලසුම් කරලා තිබුනේ එකම දවසකදිම භෞතික විදයාව, ආර්ථික විදයාව සම්මත්රණයයි දයා රෝහණ අතුකෝරාල මහත්මයාගේ “ විභාග සමත් විමේ මග” සම්මත්රණයයි කරන්නයි. එත් ඔහු කිවේ උදේ 9-12 වෙනතුරු ලමුන් සදහාද 12- 2 දක්වා එම ලමුන්ගේ දෙමවුපියන් සදහාද සම්මන්ත්රණය කරන්න ඔනේ කියලයි. ඒ නිසා අපි සිදුවුනා කලින් තිබු සැලසුම වෙනස් කර සම්පුර්ණ වැඩසටහනම “ විභාග සමත් විමේ මග” සදහා වෙන්කරන්න.

ඒ අනුව අප විභාග සමත් විමේ මග හා සරසවි සිසු ප්රණාම 2006 සදහා සුදානම් වුණා. සම්මන්ත්රණය අතරතුර පැය භාගයක් පමණ සරසවි සිසු ප්රණාම සදහා වෙන් කෙරුනා. එක් අයෙකුගෙන් රුපියල් 500 බැගින් අපි එකතුකරලා රුපියල් 8000ක් සොයාගත්තා. අපි අපේ පාසලේ ආදි සිසුවෙකු වන හෞතික විදයා දේශක අමිත් පුස්සැල්ල මහතාගෙනුත් ඒ සදහා උදවු ලබාගත්තා. සම්මන්ත්රණය සදහා ඊගල් රක්ශණ සමාගමෙන් අපිට අනුග්රහක දායකත්වයක් ලබාගන්න පුලුවන් වුණා.
අපිට ලොකු ප්රශ්නයක් වුනේ පසුගිය වසරේ පාසලෙන් සරසවියට පිවිසි ලමුන්ගේ විස්තර ලබාගන්න එකයි.මොකද ඒ ගැන වාර්තාවන් නොතිබුනු නිසා. අපිට එතනදි විල්සන් ගුරුතුමා ලබාදුන් සහය නිසා අපිට ඒ ප්රශ්නයෙන් ගොඩ එන්න ලෙසි වුණා.ඔහු ගුරුවරුන් සමග කතාකරලා ඔවුන් දන්න සරසවියට පිවිසි ලමුන්ගේ විස්තර අපිට ලබාදුන්නා.

2006 වසරේ සැප්තැම්බර් 19 තමයි ඒ දවස.එදා අපේ කට්ටිය 9ක් විතර තමයි හිටියේ. මමත්. කැලනිය සරසවියේ නුවනුත් තමයි සංවිදානයේදි ඉදිරියෙන්ම හිටියේ. එදා සම්මත්රණයේ පලමු අදියර සාර්ථකව නිමා වුනා. ඉන් පසුව පැවති සරසවි සිසු ප්රණාම 2006දි සරසවි සිසුන් 14 දෙනෙක් ඇගයිමට ලක්වුණා (නොපැමිනි ගනන 4යි). පුස්තකාල සන්වර්ධන වියාපෘතිය යටතේ පොත් 120ක් පමන අපිට ලබා දෙන්න හැකිවුනා. එයින් පසුව පැමිනි අයට සංග්රහයක් ලබාදුන්නේ දෙවෙනි අදියරට පෙර ලබා දුන් විවේකයේදියි.. දෙමවිපියන් සදහා පැවති සම්මත්රණයට නම් තිබුනේ අඩු සහභාගිත්වයක්. මම හිතන්නේ දෙමවිපියන්ට ලමයින්ගේ අදයාපන කටයුතුවලට ගෙදරදි ලබා දෙන්න ඔන ආකාරය පිලිබදව දැනගන්න වට වඩා ලොකු වැඩ දෙමවිපියන්ට ඇති නිසා වෙන්නැති ආවෙ නැත්තේ.වැඩසටහන අවසන් වෙලා පැමිනි ප්රදාන අමුත්තන්ට දිවා ආහාරයත් අපි ලබාදුන්නා.
වැඩසටහන්නම් අපි හිතුවාටත් වැඩිය සාර්ථක වුණා. වැඩියෙන්ම ගුරුවරුන්ගෙන් පැසසුම් හම්බවුනේ “සරසවි සිසු ප්රණාම” සදහායි. වැඩසටහන අවසන් වුණාම සරසවි සිසු ප්රණාම ලබපු අය අපෙන් ඉල්ලාසිටියා ගිය වියදම් වලට ඒ අයද දායක වෙන්න අවස්තාවක් ලබාදෙන්න කියලා.ඒ ඔවුන්ටත් මේ වගේ වැඩසටහනක වැදගත් කම පැහැදිලි වෙච්ච නිසායි. ඒවගේම ගුරුවරුනුත් අපෙන් ඉල්ලා සිටියා මේ වැඩපිලිවෙලා දිගටම කරගෙන යන ලෙසට. අපි සියලු දෙනාටම දැනුම්දුන්නා නිල වශයෙන් අපේ සංවිදානය පිහිටුවිම ගැන ඉදිරියේදි දැනුම්දෙන බව.


සරසවි සිසු ප්‍රනාම ලාභින් - 2006


සොයුරියක් සරසවි සිසු ප්‍රනාම ලබමින්


දයා රෝහන අතුකෝරාල මහතා සම්මන්ත්‍රනය මෙහෙයවමින්

වැඩසටහන ඉවරවුණාම හිතට දැනුනේ පුදුම සහනයක්. වැඩසටහන ඉවරවෙලා ටික දවසකට පස්සේ නැවතත් සංගමය පිහිටුවිම ගැන සාගච්ජා කලා.සරසවි මිතුරෝ යන නම සුදුසු යැයි බොහෝ දෙනා පැවසුයෙන් එය සංගමයේ නම ලෙස යෝජනා කරන්නට අපි තිරණය කලා. අපි පාසලේ ආදි ශිෂය සංගමයේ හිටපු ලේකම් වරයෙකු වු ශාන්ත ලොකුපිටිය මහතාගේ සහයෙන් සංගමයේ වයවස්ථාව කෙටුම් පත් කලා. අපි සංවිදානයේ බල සිමාව වුනේ ජාතික විශ්ව විදයාලවල අදයාපනය ලබන උපාදි අපේක්ශකයින් හා අදයාපනය ලැබු උපාදිදාරින් .


සංගමයේ දැක්ම වුනේ “බෝමිරිය මදය මහා විදයාලය දිවයිනේ හොදම පාසල බවට පත් කිරිම”ඒ දැක්මට ලගාවෙන්න අපිට අරමුණු හතරක් තෝරාගත්තා.ඒ තමයි”ගුරුවරුන්, ආදි ශිෂය සංගමය, සුභ පතන්නන්ගේ සංගමය, ඇතුලු සියලු සංගම් හා වත්මන් ශිෂය පරපුර සමග සහයෝගයෙන් පාසලේ දියුණුවට කටයුතු කිරිම”, “සරසවි ප්රවේශ ලබන සිසු සිසුවියන් ඇගයිම”, “දැනට පාසලේඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ අදයාපන කටයුතු සදහා උපකාර කිරිම” හා සාමාජිකයන් අතර සුහදතාවා ඇති කිරිම හා ඔවුන්ගේ සුබසාදනයට කටයුතු කිරිම”

පසුව සංගමය වයවස්ථානුකුලව පිහිටුවන්න ඔක්තෝම්බර් 05 යොදාගත්තා. දන්න කියන හිතවතුන්ට දුරකතනයෙන්, ලිපි මගින් දන්වා යැවුයේ පාසල ඉදිරිපිට ප්රදර්ශනය කල දැන්විමට අමතරවයි. අපි පුවත් පත් දැන්විමකුත් වල කලේ එයිනුත් යම් පිරිසක් අපට එකතුවේයි කියලා හිතුන නිසයි.

ඒ දිනය උදාවුණා ඔක්තෝම්බර් 05 උදේ 9.30 වෙනකොට සැලකිය යුතු පිරිසක් පාසලට එකතු වෙලා සිටියා. වයවස්ථාව සුලු සංශෝදන කිහිපයකට යටත්ව සම්මත වුණා. මාව සභාපති ලෙසත්, නුවන් ලේකම් ලෙසත් කොලබ සරසවියෙ සුදිර භාණඩාගාරික ලෙසත් නිතරගයෙන් පත්වුණා. උප තනතුරු සදහා කැලණිය සරසවියේ කුශාන්, කොලබ සරසවියෙ ටෙනිශා හා මහේශ් පත් කරනු ලැබුවා. උපාදිදාරින් හා උපාදි අපේක්ශකයින් නියෝජනය වනලෙසට කාරක සභාවට ජයවර්දනපුර සරසවියේ ශාන්ත, ප්රභාත් හා සජිතා , පේරාදෙනිය සරසවියේ දිර, කොලබ සරසවියේ ජානක පත් කෙරුණා. සංගමයේ ජේෂ්ඨය අනුශාසක ලෙස විදුහල්පතිතුමාත් අනුශාසකවරුන් ලෙස විල්සන්ට් හා අමිත් පුස්සැල්ල යන ගුරුවරුන්වත් පත් කරගත්තා.

අනතුරුව අපි ඉදිරි වර්ශය සදහා යෝජනා කැදවනු ලැබුවා. නුවන් යෝජනා කලා උසස් පෙලට පිවිසෙන සිසුන්ට උසස් පෙළ පිලිබදව අවබෝදයක් ලබාදිමේ යම් වැඩපිලිවෙලක් ක්රියාත්මක කලයුතුයි කියලා. ලබන වසරේත් සරසවි සිසු ප්රණාම උලෙළ පැවත්විම ගැන මම කල යෝජනාවත් සම්මත වුණා. ඒ වගේම සංගමයේ අරමුදල තරකර ගැනිමේ වැඩසටහනක් කිරියාත්මක කිරිමේ අවශයතාවයද එහිදි කතාබහ කෙරුණා.

2006 වසරේදි සරසවි මිතුරෝ සංගමය බිහිවුයේ නුවන්,සුරංග, ජානක නාරංගොඩ, ජානක රණසිංහ, දිර, මිස්සක වගේ සරසවි මිතුරන්ගේ වගේම මොහාන් සර්,විදුහල්පති චම්පික සර්, විල්සන්ට් සර් වගේ පාසලේ ගුරුවරුන් වගේම බොහෝමයකගේ සහයෝගයෙන්.

අවසානයේදි සභාතොමෝ සතුටින් නික්ම හියහ.

මතු සම්බන්දයි.