Showing posts with label කලමණාකරනය. Show all posts
Showing posts with label කලමණාකරනය. Show all posts

Sunday, November 9, 2008

එදිනෙදා මුලය කලමණාකරණය 2


ෆැර්ටෝ නියමය (80/20 නියමය)
ඉතාලි ජාතික ආර්ථික විදයාග්නයෙක් වන පිල්ප්‍රඩෝ ෆැර්ටෝ විසින් මෙම නයාය ලොවට බිහි කරන ලදි. ඉතාලි ජනතාවගේ දනය පිලිබදව අදයනය කල ෆැර්ටෝ ඉතාලි දනයෙන් 80% පමණ අයිතිකරගෙන සිටින්නේ 20% පමන සුලු ඉතාලි ජාතිකයන් පිරිසක් බවත්, 20% අයිතිකරගෙන සිටින්නේ 80% පමණ පිරිසක් බවත් සොයා ගත්තේය.මෙම අසමතුලිතතාවය ඉවත් කරන තුරු රටේ ප්‍රශ්න විසදිම දුශ්කරබව ඔහුගේ අදහස විය.


මෙම නියාය නිවසේ/ අපගේ ඵලදායිතාවය ඉහල නැංවිමට යොදාගත හැකිය. මා කලින් කිවා මෙන් මාසේ අන්තිමට විශ්ලේශණ්‍යන්(Cost Analysis) කර ඒ මාසයේ මුදල් වියදම් වි ඇති අයිතමයන් පිලිබදව වැටහිමක් ලබා ගන්න.
උදා:
මාසික ආදායම රු.13340.00 වන අයෙකුගේ මාසික වියදම විශ්ලේශණ්‍ය කර අවරෝහණ පිලිවෙලට සකස් කල විට මෙසේය.( අයිතමයන් සදහා වන මුදල් ප්රායෝගිය නොවිය හැක)

අයිතමය මුදල ප්‍රතිශතය
1 කාමර කුලිය 4000.00 29.99
2 ආහාර සදහා 3000.00 22.49
3 ප්රවාහන වියදම් 2000.00 14.99
4 දුම් වැටි,මත් පැන් 1700.00 12.74
5 උත්සව වලට 650.00 4.87
6 ඇදුම් වලට 500.00 3.75
7 දුරකතන 400.00 3.00
8 බෙහෙත් 300.00 2.25
9 ච්ත්‍රපටි බැලිමට 200.00 1.50
10 වෙනත් වියදම් 200.00 1.50
11 පොත් මිලදි ගැනිමට 100.00 0.75
12 ජායාරුප 100.00 0.75
13 ආදාර 50.00 0.37
14 තැපැල් ගාස්තු 50.00 0.37
15 CD 30.00 0.22
16 හේයා ක්‍රිම් 30.00 0.22
17 දත් බුරුසු 20.00 0.15
18 පැන් 10.00 0.07
වියදම 13340.00 100.00



ඔහුගේ මාසික ආදායමෙක් 80% ක් පමණ වැය වන්නේ පලමු අයිතමයන් 4(20%) සදහායි. වියදම් අඩු කරගැනිමට නම් ඔහු අඩුකරිමට උත්සහ කලයුත්තේ පලමු අයිතමයන් 4(20%) හි වියදම්වේ. දුම්වැටි වලට වැයකරන මුදල අඩුනොකර ඒ වෙනුවට පොත් මිලදි ගැනිමෙන් වැලකිසිට වියදම් අඩු කිරිමට උත්සහාකරනවානම් එය එතරම් ඵලදායි නොවේ.

විටින් විට කෙටිකැම වේලවලට නොගොස් සිටිමට හැකිනම් ආහාර සදහා වැයවන මුදල අඩුකර ගත හැකිවේ.
ඔබගේ විශ්ලේශණ්‍ය අදාල ප්‍රදාන අයිතමයන් හදුනාගන්න. එම අයිතමයන්ගේ වියදම අඩුකර ගත හැක්කේ කෙසේදැයි සැලසුම්කරන්න.


ආශිත පොත් :
ෆොන්සේකා, ලාල්.,2007.නිවසේ ඵලදායිතාවය.කොලඹ.සදිපා ප්‍රකාශන.

එදිනෙදා මුලය කලමණාකරණය 1

මාසේ මුලදි අය වැය ඇස්තමෙන්තුවක් හදලා, ඒ ඒ මාසයේදි යන වියදම් සටහන් කරලා තබා ගන්නවානම් එය හොද මුලය කලමණාකරණයක්(Cost Management) සදහා අත්වැලක් වේවි. O/L, A/L වලදි වගේම කැම්පස් යන කාලේදිත් මගේ මාසේ වියදම අම්මා මට දෙන්නේ මාසේ මුලදිමයි. අය වැය හිගයක් ඇතිවුනොත් මාසේ අන්තිම දවස්වල(රිම් එකෙන් දුවනා කාලේ) අම්මාගෙන් ඉල්ලගන්න බැරිවෙන බව දන්න නිසා මාසේ මුලදිම අය වැය ඇස්තමේන්තුවක් හදලා ඒ මාසෙට සුදානම් වුනා.
ඒ වගේම තමයි එදිනෙදා වියදම් සටහන් කිරිමේ පුරුද්දකුත් මට තිබුනා/තිබෙනවා. උපකාරක පන්ති ගාස්තු, ප්‍රවාහන වියදම් තමයි A/L කරන දවස් වල ප්‍රදාන වැය අයිතමයන් වුනේ, දැන්නම් බෝඩින් ගාස්තු, ආහාර වියදම් තමයි. ඒ දවස්වල වියදම් ලියන්න ගියාම වෙන ලොකුම ප්‍රශ්නය තමයි අමතක විම.දවස් දෙක තුන අමතක වෙලා එක පාරම ඒවා ලියන්න ගියාම සමහර වියදම් මතක නැ.ඉතින් එවා “වෙනත් වියදම්” කියාලා දානවා. හැම මාසෙම වෙනත් වියදම් ගොඩක් එනවා. දැන් වියදම් සටහන් කරන්නේ එක්සෙල් වැඩපතක නිසාත්, හැමදාම වාගේ පරිඝණකය භාවිතාකරන නිසාත් මග හැරෙනවා අඩුයි.

ලාල් ෆොන්සේකා මහත්මයගේ “නිවසේ ඵලදාවිතාවය” කියන පොතේදි ඔහු මෙහෙම සදහනක් කරලා තිබෙනවා.
“එක්තරා ප්‍රසිද්ද ඇමරිකානු මුදල් සැලසුම්කරුවෙකුගේ අදහස පවා වුයේ බොහෝමයක් ජනයාට තමන්ගේ ආදායමෙන් 20% ක්වත් වැයවු ආකාරය පිලිබදව දැනිමක් නොමැති බවයි. අප වැනි රටකට මෙකි ප්‍රකාශය කිසිසෙත් සාදාරන විය නොහැක. අප රටේනම් මගේ අත්දැකිම් අනුව 70%ක් පමණ ප්‍රමාණයක් මේ තත්වයට ඇද වැටෙනු ඇත.”


කැම්පස් යන දවස් වල අන්තිම සතියේදි විතර අතේ තිබෙන මුදල ඉදිරි දවස් ටික ගෙවා ගන්න මදිවෙයි(Cost overrun) කියලා තෙරෙන කොට උදේට/හවසට රුපියලේ ප්ලේන්ටීය බිලා කන එලවලුරොටිය එකෙන් එලවලුරොටිය කපලා දනවා(Cost cutting). එහෙම කරලත් ගොඩ එන්න බැරිනම් කාගෙන් හරි ණයක් ගන්න තමයි වෙන්නේ.
O/L වලදි වියදම් සටහන් කරන්න ඇතිවුන පුරුද්ද තවමත් තිබෙනවා, එදාට වඩා ක්‍රමවත්ව.ඒ විතරක් නෙමෙයි, දැන් මාසේ අන්තිමට විශ්ලේශණ්‍යන්(Cost Analysis) ද කරනවා. එකෙන් ඒ ඒ මාසේ මුදල් වියදම් වු ආකාරය පිලිබදව හොද වැටහිමක් ලබා ගන්න පුලුවන්. මම දැනට පාවිච්චි කරන එක්සෙල් වැඩපතේ ආකෘතියක් මෙතනින් බලන්න පුලුවන්.
මගේ ඒ පුරුද්ද ඔබත් පටන් ගන්න එය ඔබට ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.