විමලක්කේ,විමලක්කේ........... ටොපි ගෙදර සුසිලාගේ කැ මොරදිමෙන් තැති ගත් නින්දේ සිටි විමලා, ඇදවුන් කඩමල්ල උඩින් චිත්තයක් දවටාගෙන හනික දිව ආවාය.
ඇයි සුසිලක්කේ, මුකුත් කරදරයක්වත්ද?
අක්කේ, අන්න උඹේ පොඩි එකා ඉස්කොලේ අඹ ගහෙන් වැටිලා, ඉස්පිරිතාලේ ගෙනිහින්ලු, පලතුරු නැන්දගේ ලොකු එකා අතේ තමයි ඉස්කොලේ අමරා ටිච පණිවිඩේ එවලා තියෙන්නේ. ඌ මෙහාට ඇවිත් දෙතුන් වංගියන් කැමොරදිලා කවුරුත් නැතෙයි කියලා හිතාගෙන් යන්න යනකොට තමයි මට මගදි මුලිච්චි වෙලා විස්තරේ කිවුවේ.
එය කන වැකුණු විමලාට තමන්ගේ සර්වාංගය හරහා අකුණක් ගලා යන්නා සේ දැනුණි. පියදාස, විමලා අතහැර වෙන දිගයක ගියදා පටන්, විමලා තමන්ගේ දරු දෙදෙනා බලාගත්තේ සිය දැස් දෙක මෙනි.
කොතරම් අගහිග කම් තිබුණද ගමනක් යන විට, පොල් ලෙලි තලා හමිබකරගත් මුදලින් ගත් පවුඩර් ටිකක් ගා පිලිවෙලට කොන්ඩය පිරා යන විමලාවති, අද පාරට බැස්සේ පිස්සියක මෙනි.
විමලා, සුසිලා සමග 10 කණුව බස් නැවතුම්පලට පැමිණෙන විටම ඇතින් ' සුදු පුතා' බස්‍රථය සුපුරුදු ගමනින්ම ආවද එය සෙමින් සෙමින් එන ලෙස විමලාට දැනුනි.
රෝහල හංදියෙන් බැස, රෝහල වෙත දිවගිය විමලාට ලමා වාට්ටුවේ ඇදක් මත වැතිර සිටින පුතාගේ තෙත් බර නෙත් යුගල දකිද්දිම කදුලු කැට කඩා වැටුනේ ඈ තුලවු අපරිමිත් දරු සෙනෙහස නිසාවෙනි.
අනේ මගේ පුතේ, උඹට මොකද මේඋනේ? සුදු බැන්ඩේජ් වලින් වෙලා ඇති වම් කකුල දෙස බැලු විමලා ඇසිය.
අම්මේ, අපි වරකා ගෙඩියක් තියෙනවා දැකලා ඒක කඩමු කියල කතාවුනා, පස්සේ මම ගහට නගිනකොට තමයි කකුල ලිස්සලා ගිහින් වැටුනේ.
තාත්තත් නැතිව මම කොච්චර අමාරුවෙන්ද උබලව බලාගන්නේ මයේ පුතේ, ඇයි ඔය ඒ වගේ අනතුරුදායක දේවල් කරන්න ගියේ? දැන් බලන්න වෙලා තියෙන දේ. කමක් නැ පුතේ පත්තිණි මැණි පිහිටෙන් මයෙ පුතාට ඉක්මනට හොද වෙවි.
විමලක්කේ, අපි යමුද දොස්තර මහත්තයා මුනගැහිලා ලමයගේ තත්වේ ගැන දැනගන්න.
මහත්තයෝ, මම අර ලමා වාට්ටුවේ 12 ඇදේ ඉන්න ලෙඩාගේ අම්මා, කොහොමද මහත්තයෝ මයෙ පුතාට දැන්.
අපි මුලික ප්රතිකාර ඔක්කොම කරලා තියෙන්නේ හැබැයි ලමයගේ කකුලට ඇතුලින් ගොඩක් හානි වෙලා තියෙනවා. ලමයාගේ කකුල බෙරගන්න නම් ඔපරේෂන් එකක් කරන්න වෙනවා ඉක්මනින්ම. මහ ඉස්පිරිතාලෙන් කරන්න පුලුවන් නොමිලේම,ඒත් දැනට තියෙන ලිස්ට් එකට අනුව තව මාස 8කින් පස්සෙ දිනයක් තමා දෙන්න වෙන්නේ.
ඔපරේෂන් එක මාස 6ට වඩා පරක්කු කරන්න හොද නැ, එහෙම උනොත් කකුල අයින් කරන්න වෙන්න පුලුවන්.
අනේ මගේ පුතා........ වෙදයතුමාගේ කාමරයේ උලුවස්ස විමලාගේ බර දරාගත්තේය.
මහත්තයෝ කියක් යාවිද මෙක ප්රයිවට් තැනකින් කරන්න ගියොත්?
අම්මේ, ලක්ශ දෙකක් විතර යාවි සම්පුර්ණ වියදම.
දවසට රුපියක් හයසියක පඩියකට පොල් ලෙලි තලා ජිවිතය ගැට ගහ ගන්නා විමලාට සණ්ස බංකුවේ පොතේ ඇති රුපියල් දහ දහා හැරුනුවිට වෙනත් වත්කමක් නැත.
එහෙත් විමලා ඇතුලු මෙලොව බොහොමයක් අම්මලාට පොදුවු දරු කැක්කුම යන මහානර්ඝ වත්කම ඇ සතුව අඩුවක් නැතිව තිබුණි.
අම්මේ, මෙන්න මේ බෙහෙත අපේ ඩිස්පැන්සරියේ ඉවර වෙලා, මේකට වැඩි ගානක් යන් නැ, මේක හෙට උදේ එනකොට අරගෙන එන්න.
දොස්තර මහත්තයා දුන් තුණ්දුව ගුලි කරගත් විමලා නැවත් වාට්ටුවට පැමිණියේ කයින් පමණක්ය, ඇගේ සිත ගියේ කොහෙදැයි ඇද නොදනි, කොහේ ගියත් ඒ ගියේ ලක්ශ දෙක සෙවිමේ මගක් සෙවිමට යන්න විශේෂයෙන් කිව යුතු නොවේ.
රත්තරනේ, මම ගිහින් හෙට උදෙන්ම එන්නම් පුතාට කන්න ඉදිආප්පත් අරගෙනම.
එසේ රෝහලෙන් නික්මිනු විමලා කෙලින්ම ගියේ ෆාමසිය වෙතයි.
අද අදිනවා මහජන සම්පත, ජය මල්ල රුපියල් කොටියයි.....
ෆාමසියට යාබදව පිහිටි ලොතරැයි කුඩුවේ ශබ්ද විකාශන යන්ත්රයේ ගොඩ හැඩි හඩ එතනින් යන විමලාට වෙනදා කරදරයක් වුවද අද එසේ නොවිය.
මහත්තයා, මෙන්න මේ තුන්ඩුවේ ලියලා තියන බෙහෙත තියේද?
මේක නම් ඉවරයි, ගෙන්න ගිහින් තියෙන්නේ, අද රැ 7-8 වෙනකොට ගෙනෙවි.
දොස්ත්‍ර මහත්තයා හෙට උදේ එනකොට ගෙන්න කිව්වා, උදේට කොල්ලාට දෙන්න ඔනි කියලා. අනිවාර්යෙන්ම හෙට උදේට මට ගන්න පුලුවන් වෙවිද බෙහෙත?
ඔවු. කොකටත් මම දෙන නම්බරේට කොල් එකක් දිලාම එන්නකෝ. ඖෂධවේදියා දෙන අංකය කියා ගන්නට කඩදාසි කැල්ලක් නොමැතිව වට පිට බැලු විමලා, පාරේ වැටි තිබු ලොතරැයියක් දැක, එයගෙන අංකය එහි ලියා ගත්තාය.
හනික ගොස, අද්දන්න ඔන්න මෙන්න තිබු 698 හෝමාගම බස් රියේ, කොන්දොස්තරගේ 'රායිට් යාං....' විධානයට පෙර විමලා හා සුසිලා එල්ලුනෝය.
10 කණුව ලගින් බැස සමගි මාවතේ පියනගිත්ම මුලින්ම මුණගැසුනේ අන්නාසි වත්තේ අශෝකාය. විමලක්කේ මොකො බං මේ උනා කියන වින්නැහිය?
අශෝකාටද, ඉන් පසුව මුනගැසුනු සියලු දෙනාටද කතාව සම්පුර්ණයෙන්ම කිවේ සිත සැහැල්ලු කරගැන්මටම නොවුවද ඒතුලින් සිත සැහැල්ලු වුවා පමණක් නොව, ඔවුන්ගේ දිරි ගැන්විම් තුලින් ඇය වඩා ශක්තිමත් වුවාය, ඇ තනිවි නැතිබව ඇට තෙරුම් ගියාය.
වෙනදා බසයෙන් බැස විනාඩි පහෙන් ගෙදරට එන විමලාට, අද ඒගමන එන්නට පැය එකකුත් විනාඩි තිහක් ගතවිය. වෙනදා නකුට වනාගෙන එන ෂැගියාගේ හිස අතගා එන විමලාගේ වෙනස ඌටද හොදින් දැනුනි.
දොර අගුල හැර 'බරාස්' ගා විවර කල දොර නොවසාම විමලා කාමරයට ගොඩ පැදුර මත දිගාවිය.
තහඩුවේ හිල් වලට උඩින් පෙනෙන විවිධ වර්ණ ඉටි රෙදි වෙනුවට විමලාට අද පෙනුනේ පොල් මෝලේ මුදලාලි, වලවුනේ හාමා හා පොලි මුදලාලි වැන්නවුන්ගේ මුහුණුය. තමන්ගේ කොලුවාගේ පියාගේ මුහුණ මැවි නොපෙනි ගියේ ලක්ශ දෙකක් තියා රුපියල් දෙදහසක්වත් දෙන්න ඔහුට වත්කමක් නොමැති බව විමලා හොදින් දන්නා නිසාවෙනි.
කුසට අහරක් නොගෙනම ඒ සා විශාල මුදලක් කෙසේදැයි සිතමින් නින්දට ගිය විමලා හදිසියේ අවදිවුනේ පුතා සිහිනෙන් දැකිමෙනි. එසේ අවදිවු විමලාට ෆාමසියේ මහත්තයාට දුරකථන ඇමතුමක් ගන්නට අල්ලපු ගෙදරට යන්නට, සිය පසුම්බියෙන් දුරකතන අංකය ලියු ලොතරැයිය ගත්තාය.
පිටත් වෙන්න සුදානම් වෙනවිටම කැමොර දුන් හුනෙකු නිසාවෙන් ඇ ගමන මදක් පමා කලාය. ඒ අවසරයෙන් වැර්ලක් එකෙ දැමු විමලා වේවැල් පුටුවේ වේවැල් වෙනුවට දමාතිබු ලැල්ල උඩින් ඉද ගත්තාය.
අද ජයග්රහි අංක මෙසේයි, අංක 12, 45,23,25,46
දුරකතන අංකය දෙස බැලු විමලාට ඉට පහලින් ඇති ලොතරැයි අංක ජායාවක් මෙන් පෙනුනි, වැර්ලසයේ ජය අංක කියද්දි එම අංක ලොතරැයියේ අංක හා සමානකමක් ඇයට දැනුනි.
එහෙයින් ඇය නැවතත් විමසිලිමත්ව අංක දෙස බැලුවාය,
'අපි නැවතත් කියනවනවා ජය අංකයන්, අංක 12, 45,23,25,46'
පරිඝණක නිලවාර්ථාවට අනුව අද රුපියල් කෝටියක සුපිරි ජය මල්ල දිනා තිබෙනා, ඒ මිරිගම ප්රදේශයෙන් අලෙවි වු ටිකට් පතකින්.
ඒත් මේම මම බිම තිබිල අහුල ගත්තේ, මේක පරණ ටිකට් එකක වෙන්න ඇති.
අනේ දෙවියනේ!!!!
මේක මේ අද දිනුම් ඇදපු ටිකට් එක නේද? ඒ කියන්නේ ජය මල්ලේ හිමි කාරයා මම!!!
No comments:
Post a Comment
හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.