“සිංහල රයිටර් ”යනු සිංහලෙන් යතුරු ලියනය කිරිමට යොදාගත හැකි මෘදුකාංගයකි. සදුන් අසංක ලියනගේ විසින් සංවර්ධනය කරන ලද මෙහි දෙවන සංස්කරණය දැන් නිකුත් වි ඇත. මෙතනින් භාගන්න
මෙහි ප්‍රධාන ලක්ෂණයන් වන්නේ:
· යතුරු ලියනය කල අකුරු, අකුරු වර්ග කිහිපයකට වෙනස් කිරිමට හැකිය..තවද අකුරුවල වර්ණය(Font color),ප්‍රමාණය(Font size) මෙන්ම තද අකුරු(Bold),ඇල අකුරු(Italic) ලෙසින්ද වෙනස් කල හැකිය.
· Plain Text Format (.txt) ලෙසින් සුරැක පසුව ඉදිරි සංස්කරණයන් සදහා යොදාගත හැකිය
· Rich Text Format (.rtf) ලෙසින්ද සුරැකිය හැකිය
· මෙහිදිම මුද්‍රණයට ලබාදිය හැකිය.මෙහි Print preview අංගයද ඇතුලත්ය.
· එක් වරක් විවෘත කල පසු System Tray හි තැබිය හැකිවේ.
· පරිශිලක අත්පොතක් ලබාදිම
මෙහි භාවිතය සිමා කරන සාධක:
· මෙය ජාවා භාවිතා කර නිර්මාණය කරන ලද්දකි.එහෙයින් Java Virtual Machine(JVM) තොරව භාවිතා කල නොහැක
· පරිශිලක අත්පොතහි දක්වා ඇති අකුරු හැර වෙනත් අකුරු යතුරු ලියනය කල නොහැක.
· සිංහල රයිටර් භාවිතාකර 5KB වලට වඩා විශාල ගොනු නිර්මාණය කල නොහැක
දැනට යොදාගත හැකි සිංහල අකුරු:
1. FM Bindumathi
2. FM Derana
3. FM Emanee
4. FM Ganganee
5. FM Gamunu
6. FM Malithi
7. FM Rajantha
No comments:
Post a Comment
හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.