Tuesday, January 13, 2009

අපි වවමු කටාර් නගමු


පසුගියදා අමාතය රෝහිත බෝගොල්ලාගම මහතා කටාර්හි නිල සන්චාරයක නිරත විය.මෙම සන්චාරයේ අරමුනු වුනේ ශ්‍රි ලන්කාව තුල ආයෝජන අවස්ථා පුලුල් කිරිමත් සන්චාරක කර්මාන්ත ප්‍රචලිත කිරිම හා කම්කරු හා රැකි රක්ෂා පිලිගද ගැටලු සාගචිජා කිරිමත්ය. එහිදි අමාතයවරයා විසින් ශ්‍රි ලන්කාව තුල කෘශිකාර්මික කටයුතු සදහා කටාර් රජය වෙත ඉඩම් ලබාදිමට කැමැත්ත පල කර තිබෙනවා. අමාතයවරයා පවසා ඇත්තේ ශ්‍රි ලන්කාව තුල වැඩිපුර ඉඩම් හා හොද කාලගුනයක් පවතින බවත් එම සම්පත් කටාර් සමග හුවමාරු කරගැනිමට කැමති බවත්ය.තවදුරටත් ඔහු පවසා ඇත්තේ ඒ සදහා හවුල් ගිවිසුමකට (Joint venture) කැමති බවත්ය.

ශ්‍රි ලන්කාව වටා ඇත්තේ මහ මුහුදය, එහෙත් අප පිටරටින් මාලු ආනයනය කරමු. රටතුල ගොවි තැනට අවශය තරම් සම්පත් තිබුනත් අප සහල් ආනයනය කරමු. එම හේතුන් නිසා ලන්කාවේ ඇත්තේ රින වෙලද ශේෂයකි.එයින් ගොඩ යැමට අපට අවශයතාවයක් නැතිද?

අප සතු සම්පත් වලින් අපටම කෘශිකාර්මික නිශ්පාදන බිහිකර අපනයනය කිරිමට හැකියාව පවතිද්දි විදේශ රටක් එයට ඇදාගන්නේ ඇයි?සාමානයෙන් හවුල් ගිවිසුම්(Joint Venture ) මගින් යම් වයාපෘතියක් ආරම්භකිරිමට සිදුවන්නේ එක් පාර්ශවයකට එය තනිවම කල නොහැකි නිසාය. කෘශිකර්මාන්තය ගත්කල එයට අවශය මානව(ශ්‍රම,බුද්ධි ) සම්පත් මෙන්ම භුමියද පවතින්නේ කටාර් වල නොව අප සතුවය. එමෙන්ම කෘශිකාර්මික වැඩපිලිවෙලකට අවශය මුදල් රටට නැති බව කිව නොහැකිය. කටාර් සතුව ඇත්තේ මුදල් පමනකි.එහෙයින් අප ඔවුන් සමග ගිවිසුමකට යැමෙන් සිදුවන්නේ අපට ලැබිය යුතු විශාල ප්‍රතිලාභයක් නැතිවිමක්ය.

තවද එම ගීවිසුමට අනුව දැනට අප කටාර් වෙත අපනයනය කරන භෝග නිශ්පාදනය කලහොත් ඒ නිසා අපගේ අපනයන වලින් ලබන ආදායම අඩුවි, රින වෙලද ශේෂය තවත් වැඩිවිය හැක.

මුදල් නොමැතිනම් කලයුතු වන්නේ ඔවුන්ගෙන් ණය මුදලක් ලබාගැනිමයි. ඒ සදහා ඔවුන්ට අප ඒ මුදල් යොදා අරබන වයාපෘතිවලින් ලැබෙන ඵලදාව යම් සිමිත කාලයක් නොමිලේ ලබාදිමන් වුවද ගෙවිය හැකිය.(BOOT .මිලදි ගැනිමේ ක්‍රමයේ මෙන්)

මහින්ද චින්තනයේ ඇති එක් වැදගත් අන්ශයක් වන්නේ කෘශිකර්මාන්තය නගාසිටුවිමයි. අපි වවමු රට නගමු තේමාව යටතේ ඒ සදහා ගෙන ගිය වැඩපිලිවෙල ප්‍රසන්ශනියවේ. අප සතු ඉඩම් අස්වද්දන්නේ නැතිව පිට රැටියන්ට ලබාදිම එම චින්තනයට එකග නොවේ. එය එසේ වුවහොත් එය හැදින්විය හැක්කේ අපි වවමු කටාර් නගමු යන තේමාවෙන්ය.

විදේශ ආයෝජකයින් ලන්කාවට ගෙන්විය යුත්තේ අපට තනිවම කලහැකි වයාපෘතින් ආරම්භකිරිමට නොව අපට කල නොහැකි දේ කිරිමටයි. මැතකදි බණ්ඩාරගම ප්‍රදේශයේ ආරම්භකල විදුලි මනු නිපදවිමේ කර්මාන්ත ශාලාව එයට හොද නිදසුනකි.

අප කලයුතුවන්නේ අප සතු වගාකල හැකි ඉඩම් අස්වද්දා ඵලදාව අපනයනය කිර එහි සම්පුර්ණ වාසිය අප ලබාගැන්ම මිස එයින් කොටසක් විදේශයකට ලබා දිම නොවෙයි.

BOOT (Build Own Operate Transfer)

මෙම මිලදි ගැනිමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ යම් කිසි වයාපෘතියක්(උදා:විදුලි බලාගාරයක් ඉදිකිරිම ) ආරම්භ කිරිම සදහා රජයට මුදල් නොමැති අවස්තාවන්හිදිය.එවැනි අවස්තාවලදි රජය පෞද්ගලික සමාගමක් හෝ වෙනත් ආයතනයක් සමග ගිවිසුමකට එලබේ.ගිවිසුම අනුව එම පෞද්ගලික සමාගම අදාල වයාපෘතිය නිමකිරිමෙන්(Build) පසුව ඔවුන්ට එහි අයිතිය (Own) හිමිවේ. එමෙන්ම ඔවුන් එය ක්‍රියාත්මය කලයුතුය(Operate ) එම කාලයතුලදි ඔවුන් සිය වියදම් හා සධාරණ ලාභයක් ලබාගනි. අනතුරුව ගිවිසගත් කාලයක් අවසානයේදි එහි අයිතිය නැවත රජය වෙත පැවරේ(Transfer)





1 comment:

  1. "අප සතු සම්පත් වලින් අපටම කෘශිකාර්මික නිශ්පාදන බිහිකර අපනයනය කිරිමට හැකියාව පවතිද්දි විදේශ රටක් එයට ඇදාගන්නේ ඇයි?සාමානයෙන් හවුල් ගිවිසුම්(Joint Venture ) මගින් යම් වයාපෘතියක් ආරම්භකිරිමට සිදුවන්නේ එක් පාර්ශවයකට එය තනිවම කල නොහැකි නිසාය. කෘශිකර්මාන්තය ගත්කල එයට අවශය මානව(ශ්‍රම,බුද්ධි ) සම්පත් මෙන්ම භුමියද පවතින්නේ කටාර් වල නොව අප සතුවය. එමෙන්ම කෘශිකාර්මික වැඩපිලිවෙලකට අවශය මුදල් රටට නැති බව කිව නොහැකිය. කටාර් සතුව ඇත්තේ මුදල් පමනකි.එහෙයින් අප ඔවුන් සමග ගිවිසුමකට යැමෙන් සිදුවන්නේ අපට ලැබිය යුතු විශාල ප්‍රතිලාභයක් නැතිවිමක්ය."
    මේක නම් ඉතාම මෝඩ ආයෝජනයක්. කෘෂිකාර්මික රටක ඉඩම් පෞද්ගලීකරණය කරනව කියන්නෙ මොන තරම් මෝඩ වැඩක් ද?

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.